
(ගයාන් සූරියආරච්චි සහ රේඛා තරංගනී ෆොන්සේකා)
කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පවසයි.
අධික වැසි හේතුවෙන් කළුගග, කැලණි ගග සහ අත්තනගලු ඔය පිටාර මට්ටමට පැමිණීම හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයයෙන් යටවී ඇති අතර එම පීඩාවට පත් ජනතාවට සහන සැලසීම ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නාවික හමුදාව දිගටම මෙහෙයම් සිදුකරමින් පවතී.
ඩිංගි යාත්‍රා යොදා ගනිමින් නාවික හමුදාව සහන සැලැසීමේ මෙහෙයුම්වල නිරත වන අතර අවතැන්වූවන්ට ආරක්‍ෂිත ප්‍රවාහන පහසුකම් සැලසීම, පිසූ හා වියළි ආහාර බෙදාහැරීම, විදුලි නඩත්තු කටයුතු සඳහා සේවකයින් ප්‍රවාහනය කිරීම සහ මහජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමේ කටයුතු මේවන විට සිදුකරමින් පවතී.
මේ අතර ගුවන් හමුදා හෙළිකොප්ටර් යානා දෙකක් රත්මලේනේ සූදානම් කර ඇති අතර විශේෂ පුහුණු ලත් ගුවන් සෙබළුන් ද අවශ්‍ය ඕනෑම මොහොතක කැඳවීමට හැකි බව ගුවන් හමුදාව කියයි.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
maalaka Monday, 14 October 2024 05:33 AM
කෝ මේ රට අගාධයට යනකන් බලා ඉන්න උදවිය? ඔබ සුළුතරයක් බවත්, නියම දේශද්‍රෝහීන් බවත් සිහියට ගන්න.