
( මහින්ද නිශ්ශංක)
ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
අද තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයින්ට ලබන 18 දා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඒ සඳහා අවස්ථාව තිබෙන බවද මැතිවරණ කොමිසම පවසයි.
මෙම ප්‍රාදේශීය සභා මැතිවරණයේදී තැපැල් ඡන්ද භාවිතා කිරීම සඳහා තැපැල් ජන්දදායකයින් 1576 දෙනෙකු සුදුසුකම් ලබා සිටි.
මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ජන්දදායකයින්ගේ නිවෙස් වෙත බෙදීම ලබන 19 දා දක්වා සිදු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඊයේ (13) නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් බෙදා හැරීම ආරම්භ කළ අතර ලබන 17 වන දිනට යෙදෙන පෝය දිනද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා විශේෂ බෙදා හැරීමක් සිදු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
2025 දෙසැම්බර් මස 30
54
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
341
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද