
(රංජිත් රාජපක්ෂ )
ප්‍රවාහන අමාත්‍යංශයට අයත් පෙජෙරෝවක් දිරාපත් විමට අත්හැර දමා තිබියදි නුවරඑලිය පොලිසිය සොයාගත් බව නුවරඑලිය පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසිය.
නුවරඑලිය හැඩ්න්හිල් මාර්ගයේ පිහිටි නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් භුමියේ මෙම ජිප් රථය වසර ගණනාවක් තිස්සේ ගාල් කර ඇති බවත්, එම ජිප් රථය මේ වන විට සම්පුර්ණයෙන්ම දිරාපත් වි දැඩි අබලන් තත්ත්වයේ පවතින බවත් පොලිසිය කියා සිටියේය.
නුවරඑලිය දිස්ත්‍රික්කය නියෝජනය කළ අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික සම්බන්ධිකරණ නිලධාරියෙකුට භාවිතා කිරිම සදහා එවකට මෙම ජිප් රථය ඇතුළු තවත් ජිප් රථයක් අමාත්‍යවරයා විසින් ලබා දි ඇති බවත්, අනෙක් ජිප් රථය සොයා මේ වන විට පොලිස් විමශණයක් ආරම්භ කර ඇති බව එම නිලධාරියා කියා සිටියේය.
නුවරඑලිය ප්‍රදේශයේ රජයට අයත් වාහන සගවා ඇති බවට ලද තොරතුරක් මත මේ වන විට ජිප් රථ දෙකක් සොයාගෙන ඇති බවත්තවත් රජයේ වාහන කිහිපයක් සම්බන්ධයෙන් තොරතුරු ලැබි ඇති හෙයින් එම වාහනද පොලිස් භාරයට ගැනිමට කටයුතු කරන බවද පොලිස් නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතුවේ හොරු අල්ලාවි කියලා
මේ වගේ පොසිල හොය හොයා මාධ්‍ය ට දාන එක නම් විහිළු වැඩක් වගේ. එතකොට මෙයාලත් එයාලා වගේම කියලයි හිතන්න වෙන්නෙ .
පරන වාහන විහිලුවක් වෙලාද කියලා හිතෙනවා .කොහොම වුනත් එම වාහන තියෙන ස්ථානයේ අධිපති මෙහෙම දේවල් සදහා වගකිවයුතු කෙනෙක් වෙනවා .මොකද ආයතන සංග්‍රහයේ රෙගුලාසි අනුව රජයේ දේපළ නාස්ති වීමට ඉඩදීම වරදක් නිසා
කන්දක් විළිලා පෙජරෝවක් ඉපැද්දීම කියලද මේකට කියන්න ඕනෑ.
මම හිතන්නේ නම් මේවා අපිට වැදගත්. ජනතා ඡන්දයෙන් පත්වුණු අය ඉතිහාසේ ඉඳලාම රට ගොඩගත්තු හැටි අපි වගේම අලුත් පරපුරත් දැනගන්න ඕනෑ. ප්‍රධාන පාසල් ඇරෙන වෙලාවට ඕනෑ නං ගිහිල්ලා බලන්න රජයේ වාහන කීයක් තියෙනවාද කියලා? රියැදුරාට, ඉන්ධනවලට, රථයේ නඩත්තුව ඔක්කෝම මහජන මුදලින්. රාජකාරි වැඩවලට හැර කිසිම දේකට මේ වගේ ජනතා මුදල් භාවිතාව තහනම් කරන්න අවශ්‍යයි. සාමාන්‍ය මිනිස්සුට මේ පහසුකම් නැහැ. නමුත් ඔවුන්ගේ මුදලින් වරප්‍රසාද තියෙන කට්ටිය යැපෙනවා. රජයේ සම්පත්වල වගකීම ගන්න නිලධාරීන් පත්කරනවා වගේම අවභාවිතා වුණොත් වගවීමත් ඉල්ලා සිටින්න ඕනෑ. ඒ කියන්නේ වැරැද්දට නිසි දඬුවමක්.
ශ්‍රී ලංකා පොලිසිය මෙතෙක් කල් මේවා සොයා නොගැනීම ප්‍රශ්ණයක්නේ.
රනිල් වගේමයි...!