අත්අඩංගුවේ සිටින අය නිදහස් කරන්නැයි ඇමතුම් දෙන කල්ලියක් හෙළිවෙයි
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හා ඊට පසු සිදුකළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයේ සහ පොලීසිය භාරයේ සිටින සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා බව කියමින් එම සැකකරුවන්ගේ ඥාතීන්ට දුරකතන ඇමතුම් ලබාදී කප්පම් ලෙස මුදල් ඉල්ලා සිටින සංවිධානාත්මක කල්ලියක් පිළිබඳ තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.