(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ නගරයේ ඌරු මස් විකිණීම සදහා වෙළඳසළක් ආරම්භ කිරීම සඳහා ගෙන ආ යෝජනාවක් වැඩි ඡන්ද නවයකින් අද (11) බලන්ගොඩ නගර සභාවෙදී සම්මත විය.
අද පැවැති මාසික මහ සභා රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සුනේත්‍රා වීරසිංහ මන්ත්‍රීවරිය විසින් බලන්ගොඩ නගරයේ ඌරු මස් අලෙවි කිරිම සඳහා වෙළඳසළක් ආරම්භ කිරීමට අවසර ලබා දිය යතු බවට කළ යෝජනාවකට අනුව ඡන්ද විමසීම සිදු කෙරිණි.
එහිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් යෝජනාවට පක්ෂව ඡන්ද 13 ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 4ක් ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියට්නාම, පිලිපීනය, සිංගප්පූරුව වගේම චීනෙත් මස් මාලු වලට තියෙන්නේ ලිහිල් ප්‍රතිපත්ති... ඒ රටවල් දියුණු වෙන්නත් එක දෙයක් තමයි ඒක... එතකොට ඉබේම ජීවන වියදම කියන ඒවා පාලනය වෙනවා. මේ වගේ දේවල් මෙහෙම හරි වෙන එක හොඳයි. දැන් මෙතන කොළයි, බතුයි.. එහෙමත් නැත්තම් පොඩි මාලු විතරක් කන අය එයි උඩ පැනගෙන පව්පව් ගගා. අන්න එයාලා ටික රටින් එලෙව්වා නම් රට ගොඩ...
ඇයි දේශීය රජයන් අපි කන්න කැමති දේවල් දිහා බලන්නේ?
ලංකාවේ හැම නගරයකම දැම්මනම් හොදයි කියා මා හිතනවා
හාල්මැස්සෝ කිලෝ එකක ඇල්ලුවහම සත්ව ජීවිත 100-150 ප්‍රමාණයක් නැතිවෙනවා. එක උෟරෙක් මැරුවහම මස්කිලෝ 150-200 ලැබෙනවා... එ්කෙන් කෑම වෙල් 500-700 අතර ප්‍රමාණයක් දෙන්න පුළුවන්..., නිකන් විකාර නැතුව මස්කඩ සඳහා ලිහිල් ප්‍රතිපත්තියක් අනුමත කරන්න අද රටේ ඉන්න හමුදුරුවරුන්ගෙන් 80%ක වැඩි ප්‍රමාණයක් මස් මාංශ වළඳනවා. මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවේදී සහනාධාර ක්‍රමයට දෙන කෑම වේලෙත් සියලුම වර්ගයේ හොඳ හොඳ මස්වර්ග තිබෙනවා. ඒවා අපේ මුදලින් අනුභව කරලා... මොවුන් අපිට මස්ටිකක් කන්න තිබෙන ඉඩකඩ අවහිර වෙන විදිහට එකඑක නීති හදනවා.. බලන්න මේක හරිම අසාධාරණයක් නොවේද?
වෛල්ඩ් බෝ විකුණන්න පුළුවන්ද?
බල්ලෝ වෙනුවට උරෝ ඇතිකලොත් මොකක් වේවිද?
මනස්ගාත සංකල්ප නිසා අහිංසක සතුන් මරන්න අනුබල දීම කිසිසේත් අනුමත කරන්න බැහැ.