තඹ කම්හලේ සිද්ධියේ සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරයට
මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ඉන්සාෆ් අහමඩ්ට අයත්, අගුළු දා මුද්‍රා තබා තිබූ වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ ඉබි යතුරු කඩා තඹ සොරකම් කළැයි කියන සිද්ධියට අදාළව සැකකරුවකු ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(12) නියෝග කළේය.