(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුත්තක් විභාග වන බැවින් ඒ ගැන සෙවීමට විශේෂ කාරක සභාවක් පවත්වාගෙන යාම පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට පටහැනි කටයුත්තක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
නීතිපතිවරයාද මේ සම්බන්ධව ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට කරුණු වාර්තා කර තිබෙන බව මහලේකම්වරයා සදහන් කළේය.
එමෙන්ම මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන සැලසුම්සහගතව අවලාද නැගීමේ අරමුණින් ගෙන යන්නක් බව කී ජයසේකර මහතා එක් පාර්ශවයක් විසින් තවත් පාර්ශවයකට මඩ ගැසීම සදහා ගෙන යන මෙය විහිළුවක් බව ද ප්‍රකාශ කළේය.
එමෙන්ම ආරක්ෂක කවුන්සිලයේ සියලුදෙනා මාධ්‍ය ඉදිරියටත් ගෙනැවිත් කරන එම කටයුත්ත තුළින් ජාතික ඔත්තු සේවයට, බුද්ධි අංශයන්ට මෙන්ම රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු මතුවන බව ද දයාසිරි ජයසේකර මහතා කීවේය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහි නඩු නිමිත්තකට අදාළ දේවල් නිලධාරීන් ගෙන්වා සාකච්ඡා කිරීම තුළ නඩුවේ විත්තියටද දැඩි අගතියක් සිදුවන බව කී ජයසේකර මහතා එය ගැඹුරින් සළකා බලා කාරක සභාවේ කටයුතු පාලනය කරමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කරන්නැයි අපි පාර්ලිමේන්තුවෙන් හා එම සභාවෙන් ඉල්ලා සිටින බව ද කීවේය.
එමෙන්ම රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ඇති 1955 රහස් තොරතුරු හෙළිදරව් කිරීමේ පනත යටතේ මෙයට සහභාගී වන නිලධාරීන්ද දඬුවම් ලැබිය හැකි නිසා මෙයින් නිලධාරීන්ද අපහසුතාවයකට පත්ව සිටින බව මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔක්තෝබර් කරළිය මීට වඩා විශාල වරදක් බව දැක්කේ නැත්තේ බලෙන් හොරෙන් ආණ්ඩුව අරගත්විට ඇමතිකමක් ලැබෙන බව දන්නා නිසාද? මොන සම්ප්‍රදායට පටහැනි වුණත් පාස්කු දිනයේ සිද්ධියට අදාල සත්‍ය හා රටේ ආරක්ෂාව තුච්ඡ ආකාරයට බිඳදමා සිවිල් වාසියක් 350 බිලිගත් ඒ ඛේදවාචකයේ සියලු විස්තර රටේ සියලු ජනතාවට සත්‍ය ලෙස දැනගැනීමේ අයිතියක් තියනවා. එ්ක ඉතාම ඉහළින් මේ කාරක සභාව තුළින් සිදුවනවා. කිසිසේත් මෙය නැවතීමට ඉඩ නොදිය යුතුය. කිසිඳු නිලධාරියෙක් මීට අදාල කිසිම සත්‍ය සිදුවීමක්, බලපෑමක් නීතියේ ක්රියාවේ නොයෙදීමක් හා ආරක්ෂාව ලබාදීමට නොහැකිවීමේ කිසිම රහසක් නොසඟවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. මීට අදාල කිසිම දේශපාලකයෙක් නිලධාරියෙක් කිසිම ආකාරයකට ආරක්ෂා නොකළ යුතුය. දඬුවම නියත විය යුතුය.
මේවට තමයි කියන්නේ ගැරඬියාට භූමිතෙල් ගෑවිලා කියලා...
පාර්ලිමේන්තුව තමයි උත්තරීතර. ඕකේ ඇතුලේ කියන දේවල් අභියෝගයට ලක්කරන්නත් බැරි ඒකයි. අර මනුස්සයා පිස්සෙක්ම කරලා නතර වෙන්නේ මේ වගේ ගෙම්බෝ කියන ඒවා අහලා.
දී කිරට බළලුත් සාක්කි දෙයි...
මේ කමිටු වලට ඇවිල්ල රටේ නිලධාරින් කරුණු කියන්නේ ජනතාව දැන ගත්තහම මොකද වෙන්නේ දැන් රටේ ජනතාව තේරුම් අරන් ඉවරයි රටේ නායකයන්ගේ අකාර්යක්ෂමතාවය
හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගෙදර යවන්නත් පාර්ලිමේන්තුවේ නඩු ඇහුවා නේද? එහෙම නඩු අහපු අයම විරුද්ධ වීම සාධාරණද? මහජන ඡන්දයෙන් පත්වන ජනතා නියෝජිතයන් වන ඔබ 225දෙනාම මහජනතාව ඇත්ත දැනගැනීම වැළැක්වීමට කටයුතු නොකරන ලෙසත්, ඔබතුමා නියෝජනය කරන නිදහස් පක්ෂයේ සහයත් මේ සඳහා ලබා දී රටට රටට යහපත් ආදර්ශයක් සපයන ලෙස ඉල්ලා සිටිමි.
විශේෂ කාරක සභාව නිසා රෙද්ද ගැලවිලා තියෙන්නේ
පළමුවෙන්ම කියන්න ඕනේ නිතිය ගැන දැන දැනත්, වසර ගණනක් පාර්ලිමේන්තුවේත් ,විවිධ කමිටුවලත් ඉඳලත් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තුව සතු බලතල ගැන බොරු ප්‍රකාශ කිරීම නිසා වසර 10 කට නොඅඩු කාලයක් හිරේ විලංගුවේ වැටීමට තමන්ට සිදුවන බවබව ස්ථිරයි කියලා. දෙවනුව පාර්ලිමේන්තුව පත්කරන ලද තේරීම කාරක සභාවක් විධායකටවත්, අධිකරණයටත් කිසි සෙත් යටත් නොවන අතර එය පාර්ලිමේන්තුව කල් තැබුවද කිසිසේත්ම අහෝසි නොවන බව දැනගෙනත් මේ කරන්නේ රටේ උත්තරීතර නීතියට බලපෑම් කරමින් ද්‍රෝහීන් ආරක්ෂා කිරීමට බව. අපි මේ ය හැරෙන කොට දන්නවා පොල් පැලේට කියලා ආයිබෝන්....
අපිට මතකයි 2015 දී මොහු මහිදගේ පැත්තේ සිට යහපාලට ගහපු මඩ ගැහිල්ල කොරවක්කෙකුට සමකරලා .දැන් එනවා මඩ ගැහිල්ලක් ගැන කියන්න ... ඔහොම හැරෙන හැරෙන පැත්තට පැන පැන යන්න ලජ්ජා නැතිද ..
ඇයි ඔය නඩු කටයුත්ත යද්දී නෙමෙයිද ජනාධිපති තුන්දෙනෙකුගේ කොමිසමක් දාල වාර්තාවකුත් ගත්තේ. එතකොට නීතිපති ඒකට එරෙහිව ක්‍රියාකළේ නැත්තේ?