(ජයන්ත සමරකෝන්)
විපක්ෂ නායක කාර්යාලයේ පිහිටුවනු ලැබූ ‘ ඔම්බුඩ්ස්මන් ‘කාර්යාලයට විවිධ දුක් ගැනවිලි ඇතුළත් මහජන පැමිණිලි 500ක් පමණ මේ වන විට ලැබී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා අද ( 11) පැවසීය.
ආණ්ඩුව ජනතාවගේ ගැටළු ප්‍රශ්නවලට ඇහුන්කම් නොදීමත්, විසඳුම් නොදීමත් නිසා මෙම කාර්යාලය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලැබූයේ ඉකුත් 03 වැනිදාය.
මෙම කාර්යාලයට දිනපතාම විශාල වශයෙන් පැමිණිලි ලැබෙන බවද, ස්ථානමාරු විම්, උසස් වීම් ඇතුළු දේශපාලන පළිගැනීම් ගණනාවක් ඒ අතර වන බවද ඒ මහතා කීවේය.
කොළඹ 10, වජිරාඝ්‍රම, බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක්ගන්නා රාළගේ කාර්යාල දැම්මට වැඩක් නැහැ මිනිසුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්ට බැරි නම්. මේව නිකම් දේශපාලන විහිළු පමණයි...
මේ ලැබිලයි කියන පැමිණිලි වලින් සියයට, අනූනුනමයක් මහින්ද රාජපක්ෂ විසින්ම ලියාගත්ත පැමිණිලි බවට සහතික වී තිබෙනවා.
දුක බෙදා ගැනුමට හා කීමට ගියතැන අප සැමට ..// හොටු පෙර පෙර අඩමින් සිටිය නිලදාරීන් එතන..// ඇසුවා කිට්ටිවී මොකදැයි ඇඩුමට කරුණා..// කිව්වා අනේ වැඩ ටික හැර නැහැ පඩි අපට..//
මේ 500 බලකායේ ඉත්තන්ගෙන්ද දන්නේ නැහැ..
අැවන්ගාර්ඩ්, සුනාමි වංචා, ලසන්ත වික්‍රමතුංග, තාජුදීන්, මිග් යාන ගැන එහෙමත් පැමිණිලි තියෙනවද?
අපේ රටේ ඉන්නේ පොල්..ගොබ්බයො ! කළුවරේ වැටුණු වලට .. දවල්ටත් ගිහින් පනින ජාතියක් !