(නිමල කොඩිතුවක්කු)
වඩුමඩු තහනම් කිරීමෙන් වඩු කාර්මිකයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට සඳහන් කරමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානය සහ වඩු කාර්මිකයන් පිරිසක් මානව හිමිකම් කොමිසන් සභාව වෙත අද (10) පැමිණිලි 03 ක් ඉදිරිපත් කරනු ලැබීය.
වඩුමඩු තහනම් කිරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවසථාවේ 14/W වගන්තිය ප්‍රකාරව තමන්ට අභිමත වෘත්තියක නියැලීමේ අයිතිය උල්ලංඝනය වන බවට පවසමින් වඩු කාර්මිකයන් පිරිසක් විසින් පැමිණිලි 02 ක් සහ සත්‍ය ගවේෂකයෝ සංවිධානය එක් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.
වඩු මඩු තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අහෝසි කිරීමට පියවර නොගතහොත් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගයකට එළැඹෙන බවත් පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ පේ‍්‍රමනාත් දොලවත්ත මහතා පැවැසීය.
වඩුමඩු තහනම් කිරීමෙන් වඩු කාර්මිකයන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට සඳහන් කරමින් මානව හිමිකම් කොමිෂන් සභාවට සෙසු පැමිණිලි ඉදිරිපත් කර ඇත්තේ ජනිත් ප්‍රනාන්දු සහ ලක්සිරි ප්‍රනාන්දු යන වඩු කාර්මිකයන් දෙදෙනා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑනි හොයාගන්න කම් වඩුමඩුව හොඳයි. දැන් නරකයි. ජනාධිපතිකම ගන්න කම් රනිල් හොඳයි. දැන් නරකයි.
වඩුමඩු තහනම් කරලා රටින් ලී ගේනවා. හරක් මරන එක තහනම් කරලා මස් රටින් ගේනවා. අරයට දෙවෙනියා තනතුර දෙන්නේ නෑ. අරයා දෙවෙනියා වුනොත් මම විනාඩි පහෙන් ඉල්ලා අස්වෙනවා. මම ආයේ ඉල්ලන්නේ නෑ.. මම ඉල්ලනවද කියලා තාම හිතුවේ නෑ. මට කිව්වේ නෑ. මම දන්නේ නෑ. මම දැක්කේ පත්තරෙන්, මේවා අහලා ජනයා පිස්සු හැදෙන්නේ නැතුව මෙච්චර කල් හිටපු එකත් පුදුමයි.
අනාගතයේදී අපට මුහුණදීමට සිදුවන කාලගුණ විපර්යාසයන්ට ශක්තිමත්ව මුහුණ දීමට නම්.. ගස් කැපීම තහනම් කළ යුතුයි... මිනීපෙට්ටි ලෑලිවලින් නිපදවීමත් ඒ සමගම නිමාවට පත්විය යුතුයි." " මැරිච්ච මනුස්සයන්... වෙනුවෙන් ජීවත්වෙන අපිට, අපේ අනාගත පරපුර මරාගන්න බැහැ නේද..? "" චුට්ටක් කල්පනා කරලා බලන්න. අද අපේ කැලෑවක තියන ගහක වටිනාකම කියලා නිම කරන්න බැරිතරම්... ! ලී බඩු හෝ මිනීපෙට්ටි වගේ දේවල් මේ කැලේ තියන ගසේ වටිනාකමට වැඩිය 100-1000 ගුණයකින් අඩුවට වෙළඳ පොලෙන් ලබාගන්න පුලුවන් නම් .. මේ පරිසර විනාශය ලොකු වරදක් .. මෝඩකමක් නේද..?
කතාව සම්පූර්ණ ඇත්ත රවී මහත්තයෝ. මෙතන වැඩේ තියෙන්නේ ලී මෝල් වැහුණාම අනාගත පරපුරට හැඩ වැඩ ඇති කෙල්ලක් හොයාගන්න බැරිවෙන එකනේ නේද?
වනාන්තර යනු ස්වභාවික සම්පතකි. ඒවායේ ප්‍රමාණය මිනිස් අවශ්‍යතා සපුරාලන්නට කොහෙත්ම ප්‍රමාණවත් නැත. එහෙත් ඒ නිසාම එයින් ජීවත් වන මිනිසුන්ගේ කර්මාන්ත නවතා දැමීමද සාධාරණ නොවේ. එසේම අනිවාර්යයෙන්ම වන සම්පත රැකගැනීමද කල යුතුය. එසේනම් කල යුතු හොඳම දෙය වන්නේ දැව වෙනුවට ආදේශක හඳුන්වා දීමය යනු මගේ අදහසයි. දැව ආශ්රිත කර්මාන්ත කරුවන්ද ක්‍රමයෙන් ඒ සඳහා පුහුණු කර යොමු කල හැකිය. සැබෑ ලෙස ජ්රශ්නයක් විසඳීමට නම් ඒ සඳහා සැබෑ කැපකිරීමක් කල යුතුමය.
ලී භාවිතය අවම කළයුතුයි. මම හිතන්නේ ජනාධිපතිගේ කතාවේ සාරාංශය එයයි. තියෙන පයිනස් කැලෑ ඉවත් කරලා නව වන වගා කිරීමට ජනාධිපති අතින් සිදුවීම පැසසිය යුතුයි. හැමෝම දැනගන්න ඕනේ රට අවශ්‍ය ජලසම්පත, පිරිසිදු වාතය, වැස්ස යන සියල්ල රටේ ඇති වනගහනයත් එක්ක පවතින බව... ජනාධිපතිට සහය දී අඩුපාඩු මගඇරලා මේ කර්තව්‍ය ඉදිරියට ගෙනියනවා ඇරෙන්න කකුලෙන් අදින එක සුදුසු නැහැ. මෙයට පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව සහයදී වඩුවාත්, රටත් රැකෙන ආකාරයේ විසඳුමක් දියයුතුයි. මොනවා වුනත් ලංකාවේ කඳුකර වන පද්ධතිය තවමත් අනතුරේ...
පිස්සු යකෙක් වෙලානේ..