(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය අංශයේ සේවය කරන ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව අද (09) පස්වරුව වනවිට කුරුණෑගල ශික්ෂණ රෝහලට පමණක් ලැබී ඇති සම්පුර්ණ පැමිණිලි සංඛ්‍යාව 723 ක්වූ බව රෝහල පාලනාධිකාරිය ප්‍රකාශ කළේය.
පසුගිය සිකුරාදාට (07) පැමිණිලි 24 ක්ද , ඊයේ (08) දිනයේ ( 08) පැමිණිලි 26 ක්ද , අද දිනයේ පැමිණිලි 14 ක්ද ලැබී ඇත .
එම වෛද්‍යවරයා කර ඇති සිසේරියන් සැත්කම් සම්බන්ධයෙන් සැකකරන කාන්තාවන් විසින් සිදුකරන ලද පැමිණිලි කුරුණෑගල ශික්ෂණ රෝහලට බාර ගැනීම අරඹනු ලැබුවේ පසුගිය මස 26 වැනිදාය. ඒ අනුව එදින සිට ඊයේ දිනය වනවිට අඛණ්ඩව දින 15 ක් දිනපතා කාන්තාවන් ඉදිරිපත් කළ පැමිණිලි බාරගැනීම විශේෂ කරුණකි.
කුරුණෑගල ශික්ෂණ රෝහල විසින් බාරගනු ලබන පැමිණිලි වලට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිට මෙසේ පැමිණෙන කාන්තාවන්ගේ පැමිණිලි බාර ගැනීම සිදු කරති.
මේවනවිට ලැබෙන පැමිණිලි සංඛ්‍යාවේ ක්‍රමානුකූල අඩුවීමක් දක්නට ලැබෙන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශයෙක් සඳහන් කළේය. කෙසේ වුවද ඉදිරියටද ලැබෙන සියලුම පැමිණිලි අඛණ්ඩවම බාරගන්නා බවද එම ප්‍රකාශකයා කීය.
ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා විසින් සිදුකළ බව කියන සිසේරියන් සැත්කම් වලට අමතරව වෙනත් කාන්තා රෝෙවලට අදාළව එම වෛද්‍යවරයා අතින්ම සැත්කම්වලට ලක්වූ කාන්තාවන්ද කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
කුරුණෑගල ශික්ෂණ රෝහලට අමතරව දඹුල්ල දිසා රෝහලට සහ දඹුල්ල පොලීසියටද කාන්තාවන් පැමිණිලි ඉදිරිපත් කර තිබූ අතර ඊයේ (08) සිට දඹුල්ල පොලීසිය එම පැමිණිලි බාර ගැනීම අත්හිටුවා පැමිණිලි සඳහා පැමිණි කාන්තාවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත යොමු කර තිබූ බවද වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නිකම් හුළඟ දවසට අඹ අහුලනව වගේ. වැඩිවන ගාන කිය කියා ඉඳලා , ලෝක ඉතිහාසයේ කිසිදා නොවුණු, මනුෂ්‍ය වර්ගයාටම නිගා දෙවන මේ පහත් තිරිසන් ක්‍රියාව යට ගහයිවද්ද?
පැමිණිලි කොමිටි නම් ඕනා තරම්. ඒත් තවම යුක්තිය ඉටු වුන බවක් නම් පෙනෙන්නට නැහැ.
මේකටත් ඩිස්ලයික් දාන අයත් ඉන්නව නේ?
මාධ්‍ය සංදර්ශන නවත්වලා අර කාන්තාවෝ ඔක්ක්කොම විද්‍යාත්මක ක්‍රමවේදයකට පරීක්ෂා කරලා මේක එච්චර අමාරුවත් වියදම් යන දෙයක්වත් නෙමි නමුත් කාලයක් ගතවේවි සත්‍යය හෙළි කර ගත්තනම් කාට කාටත් හොඳයි
මුස්ලිම් කාන්තාවෝ 192ක් පැමිණිලි කරලා, 2020ට පස්සේ එළියට එයි..
4000ක් වඳකළා කිව්වේ මොන පරීක්ෂණයක් කරලද?
ඔය පරීක්ෂණ කරල තියන්නේ විමල් වීරවංශද?