(අංජුල මහික වීරරත්න)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලංකාවේ ගත කළ මුළු කාලය පැය 4 කට සීමා වූ හෙයින් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට වෙන් කර තිබූ කාලය විපක්ෂයට දීමට පියවර ගත් බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගත් පියවර අනුව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ප්රමුඛ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග සාකච්ඡා කිරීමට කාලය ඉතිරි වූ බවද සභානායක කිරිඇල්ල මහතා කීවේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සියලු සාකච්ඡා පැවැත්වූයේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කොළඹ දක්වා පැමිණීමේදී සහ නැවත ගුවන්තොටුපාල දක්වා ගමන් කරන කාලයේදී බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.
සීමිත කාලයකට මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී වන විශේෂ අවස්ථා සියල්ලටම එක් වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් සංචාරය ස්ථිර වූ දිනම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයට දැනුම් දුන් බවද සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේදී රජය නියෝජනය කරමින් පරිවාර ඇමතිවරයා ලෙස මලික් සමරවික්‍රම මහතා නම් කර තිබූ අතර අවසන් අවස්ථාවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඇමති සජිත් ප්‍රේමදාස මහතා නම් කරන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා කියන කිසිම දෙයක් අපි විස්වාස කරන්නේ නැත. මොකද ලංකාවම දන්නා ඔබ ගැන...
බොරුමයි කියන්නේ....
ඒ ඉතින් ඕනෑ දේවල් සියල්ලම වාහනය ඇතුලෙදි කාටවත් ඇහෙන්න නැතිවෙන්න කතා බස් කර ගත්ත හන්දනේ.
අම්මේ..... පුදුම පරිත්‍යාගයක්නේ කරලා තියෙන්න...
ඔය සුළු කාලයට මොනවා කතා කොරන්නද? කතාවට නියම කාලය ලැබුණේ කටුනායකට යනකොට එනකොට. එත් පාරේ යනෙන කොට කියනකතා කවුද ගණන්ගන්නේ.
මෝඩි අගමැතිතුමාට මොකවත් කාර් එක ඇතුළේ උනේ නැහැ නේද?
මැදුරු තුළ කරන්නට බැරි සාකච්ඡා රථය තුල සිදු වුණාවත්ද..? මොකද හොඳම අාරක්ෂිත තැන ඒ තැන නිසා.. අදහසක් පමණි.
ඇල්ලය කියන්නේ එරෝප්පෙත් දන්නවනේ..// ලාංකිකයන්ටත් නැත අමුතුවෙන් ඉගෙනුමට..// කිව්වොත් කියන්නේ කෙප්පයක් බව සහතිකය..// ගොන් තඩියන් කුමට ගියාද පිස්සු කොටුවට..//
දැන් පිස්සන් හැමතැනම...
බයිලා ගහන්න එපා. පෙනෙන විදියට අපේ තරුණ නායකයා කියකියා මිටින් තියතියා කිව්වට ජනාධිපති නොඉන්න සජිත් හැමදාමත් 5 පන්තියේ ඉන්න තිබුණා. මෝඩි හිතන්න ඇති "මොන කරදරයක්ද මන්දා පස්සෙන් එල්ලී එල්ලී එනවා' කියලා. දැක්කේ නැතිද ප්ලේන් එකට නැගලා වුනත් දඩි බිඩි ගාලා ඇතුළට රිංගා ගත්තු හැටි කරදරෙන් බේරෙන්න. බලමුකෝ දැන් ජපන්නුන්ට ලංකාවේ නිෂ්පාදනය කරලා ඉන්දියාවට බඩු පටවන්න දෙයිද? නැතිනම් මේ පාරත් කොකා පෙන්නුවද කියලා...
එම වාහන තුළ කිසිවෙන් සිට නැත. ලංකාවේ අගමැතිවරයා වාහනය පදවා ඇත. ඉන්දීය අගමැතිවරයා යාබද අසුනේ ගියබව නොදැක්කේද? කිසිම ආරක්ෂකයෙක් සිට නැතිබව ඔබගේ කතාවෙන් පෙනේ....
අපේ ගෙදර උන්දැ වගේනේ? ආපු නෑදෑයෝ ආපසු යද්දී පස්සෙන් ගිගින් අහනවා අල්ලපු ගෙදර අය මොනවද අපි ගැන කිව්වේ කියලා....
ඡනේදේ දීලා පාර්ලිමේන්තු යැවුවට මේ අයගේ වෙලාවත් , අපට වින කරන අපිට විරුධව ජාත්‍යන්තරයට ගතු කියන හතුරන්ට දීල නිවටයෝ වගේ පැත්තකට වෙලා ඉන්නවා , විපක්ෂය කියන්නේ පොහොට්ටු පක්ෂයට