(රංජන් කස්තුරි)
මේ වන විට මහා භාණ්ඩාගාරයට බරක්ව පවතින රජයේ ව්‍යවස්ථාපිත ආයතන 10 ක් ස්වාධීනව ක්‍රියාත්මක වීම සඳහා වන සාමූහික අභිලාශ ගිවිසුමකට අත්සන් කර තිබේ.
ඒ අනුව රාජ්‍ය ඖෂධ සංස්ථාව, පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මිල්කෝ සමාගම, නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය රාජ්‍ය දැව සංස්ථාව,පතල් හා කැණීම් කාර්යාංශය, ලංකා සතොස ආයතනය රාජ්‍ය වැවිලි සමාගම සහ කුරුණෑගල වැවිලි සමාගම යන ආයතන තවත් වසර තුනකදී මහාභාණ්ඩාගාරයේ මහජන බදු මුදලින් යැපීම නතර කර ගැනීමට නියමිතය.
එම ආයතනවල කාර්ය සාධනය කාර්යක්ෂමතාවය හා ගුණාත්මකභාවය වැඩිකර ගැනීමට නියමිත අතර එම ආයතන අද (10) පස්වරුවේ අදාල සාමූහික ගිවිසුමට අත්සන් කර තිබේ.
එම රාජ්‍ය ව්‍යවසායන්හි ප්‍රධානීන් එම ව්‍යවසායන් අයත් අමාත්‍යාංශයේ ලේකම්වරු හා මහා භාණ්ඩාගාර වෙනුවෙන් නියෝජිතයෙකa ආදී වශයෙන් එම ගිවිසුම්වලට අත්සන් තැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැවිලි සමාගම් රජයට බරක් නොවී තියෙයිද? අාදායමක් තිබුණු රත්තරන් වගේ ඉඩම් ටික ඒ කාලේම හෙන්චයියලාට දීල මුඩුඉඩම්වලට හුවමාරු කළානේ.. කොළඹ වරායටත් ඔය ටික තමයි වෙන්නේ තව අවුරුදු 10ක් 12ක් ගියාම.
ඇයි ශ්‍රී ලන්කන් ගුවන් සේවාව මේ ලැයිස්තුවේ නැත්තේ?
ඔය ආයතන විතරක් නෙවෙයි සියලුම රජයේ ආයතන වල සේවකයන්ගේ කාර්යක්ෂමතාව සහ ආයතන පලදායිතාව පරික්ෂා කරන්න. දේශපාලකයන්ට පින් පඩි ගෙවන එකත් නවත්වන්න. අනෙකුත් දියුණු රටවල් වල සංස්කෘතිය විවේචන කරනවා වෙනුවට ඒ මිනිස්සු තමන්ගේ රටේ මිනිස්සුන්ට තුන් වේල කන්න දී හිසට වහලක් දී හොඳ අධ්‍යාපන සෞඛ්‍ය සහ ප්‍රවාහන පහසුකම් දෙන්නේ කොහොමද බලන්න. මේවා එකක්වත් පිනට දෙන්නේ නැහැ. ඒ වගේම රජයේ සේවකයන්ට බදු නොගෙවා රාජකාරි වෙලාවේ නිදි කිරන්නයි අනෙක් මිනුස්සුන්ට පන කඩා ගෙන බදු ගෙවන්නයි සලස්සලා නැහැ.
පාර්ලිමේන්තුවත් ජනතා බදු මුදලින් නඩත්තු නොකිරීමට කටයුතු කරනවානම් කොපමණ හොඳද?
මහ බැංකුවත් ඔය ගොඩේම තමයි..
කජු සංස්ථාව කියල එකකුත් තිබුනනේද? ඇත්තටම ලංකාවට කජු සංස්ථාවක් ඕනෙද. ඇමෙරිකාවට කජු ගෙනෙන්නෙ පිටරටින් ඒ වුනත් ලංකාවට වඩා මිල අඩුයි. ඇමෙරිකාවේ කජු සංස්ථාවක් නැහැ.
හෙන්චයියලා දහස් ගණනින් රැකියාවට දැමීම නිසා මේවා පාඩු ලබනවා පුද්ගලීකරණය කලයුතුය
ඔහොම යං තව ටික දවසකින් අපිවත් විකුනන් කන්න.
එසේ කරනවා නම් පළමුවෙන්ම කල යුත්තේ, මේ ආයතන ස්වාදීන, දේශපාලන නොවන නමුත් වග කියන දක්ෂ වෘතීයන්ට භාරදීම වේ.
රාජ්‍ය ඖෂධ සංස්ථාව ආණ්ඩුවේ තිබිය යුතුයි. නැත්නම් දුප්පත් මිනිස්සු බෙහෙත් ටිකක් අරන් ඉවරයි.
රජයේ ආයතන වුණත් ආදායම් උපයන ඒවා නම් සිදුවිය යුත්තේ මහජන මුදලින් නඩත්තු කිරීම නොවේ. ඒවායින් නිසි ආදායම් ලබාගෙන භාණ්ඩාගාරය පොහොසත් කිරීමයි. නමුත් විවෘත ආර්ථිකයෙන් රටට සිදුවුනේ හොඳ ආදායම් උපයන ආයතන වලින් මංකොල්ල කෑ ඒවා නැත්තට නැති කරන එක... ඉහත ක්‍රියා මාර්ගයේ අවසානය වන්නේ එම ආයතන හීන්සීරුවේ පුද්ගලිකරණය හරහා කුණු කොල්ලයට විකුණා කොමිස් කුට්ටියක් ඇමැතියන්ගේ පසුම්බියට වැටෙන එක නම් .....
මා දන්නා පරිදි මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය ( CECB) මහා භාණ්ඩාගරයෙන් යැපෙන ආයතනයක් නොව වාර්ශිකව සැහෙන මුදලක් එයට ලබාදෙන ආයතනයකි.
මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය කියා අදහස් කරන්නේ CECB ආයතනය නම්, මෙහි නිවැරදි කිරීමක් අවශ්‍ය වෙනවා. CECB ආයතනය දැනටමත් මහා භාණ්ඩාගාරයෙන් යැපෙන ආයතනයක් නොවේ. නිශ්චිතවම කාලය නම් කීමට නොදනී. නමුත් වසර 10 ක් හෝ ඊට පෙර සිට එසේ සිදුවේ. කීර්තිමත් අර්ධ රාජ්‍ය ආයතනයක් (ව්‍යවස්ථාපිත ආයතනයක්) වන CECB ආයතනය මේ අවස්ථාව වනවිටත් ලංකාවේ ප්‍රධානතම ව්‍යාපෘති ගණනාවකටම උපදේශන කාර්යය සිදුකරමින් ඉතා විශිෂ්ට සේවාවක් සපයයි. එමනිසා කරුණු සොයාබලා මේ පුවත නිවැරදි කරනා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි...
අත්සන් කළා නම් ඒ ඇති... අවුරුදු 3කින් ප්‍රතිඵල. මහන්සි වෙන්න දෙයක් නැහැ...
CECB ආයතනය මහා භාණ්ඩාගාරයෙන් යැපෙන ආයතනයක් නොව, රජයට බදු ගෙවමින් පවත්වාගෙන යන ලාභ ලබන ආයතනයකි.
මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය කියා අදහස් කරන්නේ CECB ආයතනය නම්, මෙහි නිවැරදි කිරීමක් අවශ්‍ය වෙනවා. CECB ආයතනය දැනටමත් මහා භාණ්ඩාගාරයෙන් යැපෙන ආයතනයක් නොවේ. නිශ්චිතවම කාලය නම් කීමට නොදනී. නමුත් වසර 10 ක් හෝ ඊට පෙර සිට එසේ සිදුවේ. කීර්තිමත් අර්ධ රාජ්‍ය ආයතනයක් (ව්‍යවස්ථාපිත ආයතනයක්) වන CECB ආයතනය මේ අවස්ථාව වනවිටත් ලංකාවේ ප්‍රධානතම ව්‍යාපෘති ගණනාවකටම උපදේශන කාර්යය සිදුකරමින් ඉතා විශිෂ්ට සේවාවක් සපයයි. එමනිසා කරුණු සොයාබලා මේ පුවත නිවැරදි කරනා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි...
රාජ්‍ය ඖෂධ සංස්ථාව රජය යටතේම පවත්වාගෙන යාම පොදු මහජනතාවට කෙරෙන සේවයකි. එය ස්වාධීන ආතනයක් බවට පත් කිරීමට පෙර බලධාරීන් දෙවරක් සිතා බැලිය යුතුය. අසරණ ජනතාවට දෙවි පිහිටයි.
රජය සතු ව්‍යාපාරවල කාර්යසාධනය ඉහළ නැංවීමේ අරමුණින් 2017 වර්ෂයේදි රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් සාමූහික අභිලාෂ ප්‍රකාශ සංකල්පය හඳුන්වාදෙන ලදී. 2017 පෙබරවාරි 07 වන දින මෙම සංකල්පය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදෙන ලද අතර, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම ,ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය යන ප්‍රධාන රජය සතු ව්‍යාපාර 5 ක් සමඟ 2017 මාර්තු 15 වන දින මෙම ප්‍රකාශ සඳහා අත්සන් තබන ලදී. ඉන් අනතුරුව, අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුගත වෙමින් තවත් රජය සතු ව්‍යාපාර 10 ක් සමඟ සාමූහික අභිලාෂ ප්‍රකාශ අත්සන් කිරීමට සැලසුම් කරන ලද අතර, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, නාගරික සංවර්ධන අධිකාරිය, සී/ස ලංකා සතොස සමාගම, මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය, රාජ්‍ය දැව සංස්ථාව, සී/ස කුරුණෑගල වැවිලි සමාගම, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, සී/ස මිල්කෝ(පුද්ගලික) සමාගම, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සහ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය එම ආයතන වේ.
අපේ භාණ්ඩාගාරයට විශාලතම බර ජනාධිපති, පාර්ලිමේන්තුව සහ පළාත් සභාවල්. මේ ආයතනවල් භාණ්ඩාගාරයෙන් නිදහස් කළා නං හොඳයි.
රාජ්‍ය සේවකයන් සීමා විය යුත්තේ අධ්‍යාපන ,සෞඛ්‍ය පරිපාලන, ආරක්ෂක, පොලිස් වැනි සේවා සඳහා පමණි. වෙනත් රටවල බදු අය කිරීමත් පුද්ගලික අංශය මගින් සාර්ථකව කරනවා. මාටියා ගැහිලිත් නැහැ. සියලු කටයුතු නියාමනය පමණක් රජය සිදුකර සේවාවන් පුද්ගලික අංශයට දුන්නනම් බදු අයකර රටේ අදායමින් රට ගොඩ නගන්න පුළුවන්. හොඳ උදාහරණයක් නම් දුරකථන සේවාව අදින් අවුරුදු 30 කලින් ටෙලිකොම් තිබු අයුරුත් අද තිබෙන විදියත් සංසන්දනය කර බලා හිතන්න. රට දුවන්නේ පුද්ගලික අංශයේ සේවාවන්වල කාර්යක්ෂම බව නිසයි. රාජ්‍ය අංශයේ බහුතරයක් හොඳ අය ඉන්නේ. ඒ වුනත් හොරු සහ නිකමුන් ඉන්න නිසා ඒ හොද අයත් නිද්‍රාශීලී වෙනවා. සේවකයන් වැඩි.
අපේ අතිගරු සර්ව සම්පුර්ණ ජනාධිපතිගේ ටිකිරි මොළයෙන් දොට්ට වැඩමවූ අදහසක් අනුව පිටරටින් දැව ගෙන්වා ශ්‍රී ලංකාවේ ලී බදු කර්මාන්තය කරගෙන යාමට පියවර ගත්තොත්, භාණ්ඩාගාර වැඩ සටහන නම් "කොට උඩ" යන එක සත්තයි සහතිකයි!!!!
මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය ආණ්ඩුවෙන් යැපෙන ආයතනයක් නොවේ. ලාභ උපයා රජයට බදු සමග ලාබාංශය ගෙවන ආයතනයක්.
CECB ආයතනය මහා භාණ්ඩාගාරයෙන් යැපෙන ආයතනයක් නොව, රජයට බදු ගෙවමින් පවත්වාගෙන යන ලාභ ලබන ආයතනයකි. මෙහි නිවැරදි කිරීමක් අවශ්‍ය වෙනවා.