(ජයන්ත සමරකෝන්)
ගතවූ වසර හතරක කාලය තුළ විශ්රාම වැටුප් මුදල් රුපියල් කෝටි 46 ක් වැඩිපුර ගෙවා ඇති බව 2018 වසරේ විගණකාධිපතිවරයාගේ වාර්ෂික විගණන වාර්තාව මගින් හෙළිකර ඇත.
ඒ අනුව රටපුරා විශ්රාම වැටුප් වැඩිපුර ගෙවීම් ගැන සෙවීමට සියලු ප්රාදේශීය ලේකම් කාර්යාවලට විගණන පරීක්ෂණ කණ්ඩායම් යවා ඇතැයි විශ්රාම වැටුප් අධ්යක්ෂක ජනරාල් ජගත් ඩයස් මහතා පැවසීය.
එම විගණන වාර්තාව අනුව 2018 වසර වන විට වැඩිපුර ගෙවා තිබු විශ්රාම වැටුප් මුදල රුපියල් මිලියන 551.94 කි.
ඒ අතරින් වසර 5කට අඩු කාලයක් තුළ වැඩිපුර ගෙවා ඇති මුදල රුපියල් මිලියන 490.83 ක් වන අතර වසර 5-10 අතර වැඩිපුර ගෙවා ඇති මුදල් රුපියල් මිලියන 51.17 ක් බවද එහි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබා ගැනීමට හිමිකම ඇතත් නොගෙවා ඇති ප්රමාණය ඔයිට වැඩිවෙන්න බැරි නැහැ...
මගේ විශ්රාම වැටුප රුපියල් 18000/- යි. ඒක නම් මැරුවට වැඩි වෙන්නේ නැහැ.
2019.10.09 දිනයෙනුත් 2020.03.07 දිනෙනුත් 2031.02.07 දිනෙනුත් 2034.10.07 දිනෙනුත් චක්රලේඛ නිකුත්කිරීමට සමත් ඉහළ ඵලදායිතාවක් පෙන්නූ විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවට එසේ වැරදීමක් වෙන්න පුළුවන්ද? මට නම් හිතාගන්නවත් බැහැ. වෙබ් සයිට් එක පරීක්ෂාකර ලයික් දාන්න.
මේක නම් මහ පුදුම රටක්.., මෙහි ඉපදීම පවක්, වෙන මොනවා කියම්ද? සමාවෙන්න...
මොකද ඉතින් දුප්පත් මිනිසුන්ට බෙදලාදීලා.. කාගේ හරි ඇමැති කෙනෙක්ගේ සාක්කුවේ ඇති සල්ලි ටික...