(එම්.සුසිල් ප්‍රියන්ත)                         

කොස්ගොඩ දූවේමෝදර ප්‍රදේශයේ පොදු සුසාන භූමියක ඊයේ(7)වළ දැමූ පුද්ගලයකුගේ මළ සිරුර අද(8)බලපිටිය වැඩබලන මහේස්තාත් ලුෂාන් වඩුතන්තී මහතා ඉදිරියේ ගොඩගත්තේය.

වළ දැමූ පුද්ගලයාගේ මාමණ්ඩිය පරදෙනු ලැබූ පොලු පහරකින් ඔහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් සිටියදී රෝහලෙන් දේහය ගෙනවිත් ඔහුගේ පවුලේ අය පොලීසිය ඇතුළු අදාළ නිලධාරීන් දැනුම්වත් නොකට අවසන් සිදුකර ඇති බවට කොස්කොඩ පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මේ දේහය අද (8)ගොඩ ගත්තේය.

මෙසේ ගොඩ ගනු ලැබූවේ කොස්ගොඩ දූවේමෝදර,  ඒ 68,පන්සල ඉදිරිපිට පොල්වත්ත පාර ලිපිනයේ පදිංචි  චින්තක එදිරිමාන්න (49) නමැති දෙදරු පියෙකි.

පවුලේ ආරවුලක් සම්බන්ධයෙන් මිය ගිය බෑණා සහ මාමණ්ඩිය අතර රණ්ඩුවක් සිදුව ඇති බවත් ඔවුන් දෙදෙනාම පොලු මුගුරුවලින් පහරදී ගෙන ඇති බවත් පොලීසිය කියයි.

මේ දෙදෙනා අතර ඇතිවූ පොලු මුගුරු පහරදීමෙන් මාමණ්ඩිය එල්ල කළ පොලු පහරකින් බෑණා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවත් රෝහලේ පතිකාර ලබමින් සිටියදී බෑණා මිය ගිය බවත් පොලීසිය කියයි.

රොහලේදී  මිය ගිය මේ බෑණා ඔහුගේ භාර්යාව ඇතුලු පවුලේ අය පොලිස් නිලධාරීන් දැනුම්වත්  නොකොට ඔහුගේ දේහය රෝහලෙන් ගෙනවිත් වළදමා ඇති බවද පොලීසිය කියයි.