(අංජුල මහීක වීරරත්න)
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත් කළ කමිටු සාමාජිකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර ඉදිරි කටයුතු පිළිබඳ තීරණයක් ගැනීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් එම කමිටුවේ බහුතරයකගේ විරෝධය පළ වී තිබේ.
ජනාධිපතිවරයා හමුවීම සම්බන්ධයෙන් කමිටු සාමාජිකයකු හරහාම ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් අද (11) 2.00 ට රැස්වූ කමිටු සාමාජිකයන් සාකච්ඡා කර ඇති අතර බහුතරයකගේ මතය වී ඇත්තේ එසේ හමුවීම සුදුසු නොවන බවයි.
කමිටුවේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවීමට සුදානම් නැති බව සිය පෞද්ගලික මතය බව කමිටු සාමාජික ආචාර්ය ජයම්පති වික්‍රමරත්න හා වෛද්‍ය නලීන්ද ජයතිස්ස යන මහත්වරු ප්‍රකාශ කළහ.
එසේ හමුවීමට අවශ්‍ය නම් කමිටුව පළමු වරට රැස්වීමට ප්‍රථම ජනාධිපතිවරයාට කමිටු සාමාජිකයන් කැඳවා සාකච්ඡා කළ හැකිව තිබූ බව කී වෛද්‍ය නලීන්ද ජයතිස්ස මහතා ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන මේ මොහොතේ මෙලෙස හමුවීම සදාචාර සම්පන්න නොවන බවද ඔහු කීවේය.
කතානායක කරු ජයසූරිය මහතා මේ සම්බන්ධයෙන් තීන්දුවක් ප්‍රකාශ කර ඇති බැවින් ඒ අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ කමිටුව කටයුතු කරනවා විනා වෙනත් පාර්ශව සමඟ කටයුතු කිරීම ප්‍රායෝගික නොවන බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවැරදි තීරණයක්
හිතුවද දන්නේ නැහැ සම්තින් එකක් යටින් දීලා වැඩේ ශේප් කරගන්න. ගල් ටික් තමයි.
ඔව් ඔබලා හරි, ජනධිපතිවරයා හමුවන්න වෛද්‍ය නලින් ජයතිස්ස යවන්නේ නැතුව, මෙම ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්නට නම් හොඳ මනෝවෛද්‍යවරයකු යවන්න.
අන්න එහෙම කෙලින් ඉන්න.