( තිළිණි ද සිල්වා )
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ මහතා ලබන 24 වැනිදාත් 30 අතර කාලසීමාව ඇතුළත ශ්‍රී ලංකාවේ සංචාරය කරන බව ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇමෙරිකාවේ සහෝදරත්වය පළ කිරීම ද මෙම රාජ්‍ය ලේකම්වරයාගේ මෙම සංචාරයේ අරමුණ යැයිද පැවසේ.
ශ්‍රී ලංකාවට අමතරව ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා එම කාලය තුළ ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් කිහිපයකද සංචාරය කිරීමටද නියමිත බව එම රාජ්‍ය දෙපාර්තමේන්තුව කියා සිටී.
ඉන්දියාවේ සංචාරය කිරීමෙන් පසු ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ මහතා මෙරට සංචාරය කරනු ඇත.
ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ලබන 24 වැනිදා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණෙන අතර එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරීමට ද නියමිතයි.
ඉන් අනතුරුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණ දේශපාලන නායකයන් මුණ ගැසෙනු ඇත. එසේම ඉන්දු ‐ පැසිෆික් කලාපය සඳහා පොදු එකඟතාවයෙන් යුතුව ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය කර ගැනීම පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි ද පැවසේ.
ඇමරිකාව පසුගිය වසර කිහිපය පුරාම ආසියා - පැසිෆික් කලාපීය රටවල් සමඟ සහයෝගීතාවයෙන් යුතු කටයුතු කරන අතර අවසන් වරට ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයකු දිවයිනට පැමිණියේ 2015 වසරේදීය. ඒ එවකට සිටි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වූ ජෝන් කෙරී මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා එන්නේ තවත් ලියැවිල්ලක් අරගෙනයි. එය තමයි අපේ රටේ අනාගතය තීරණය කරන මාරක ලියවිල්ල. බටර් ගාලා, පානි ඔක්කොම දාලා, කිඹුල් කඳුළු හලලා, ගර්ජනා කරලා, චීනය දිහා බලලා ගොරවලා.. අන්තිමට අපේ රටේ ඉන්න දුර්වල, කොන්ද පණනැති, මෝඩ, අසික්කිත දේශපාලකයෙකුට කියාවි මේ ලියවිල්ලට අත්සන් කරන්න කියලා. මේ රටේ දේශපාලුවෝ ඔක්කොම දන්නවා මෙයා එන්නේ ඇයි කියලා... අමතක කරන්න එපා දේශපාලුවනේ, මේ ලියැවිල්ලට එහෙමත් නැතිනම් ආරක්ෂක සහයෝගිතා ලියැවිලිවලට තොපි අත්සන් කලොත්.. ඒ ඔබගේ මරණ වරෙන්තුවට අත්සන් කළා හා සමානයි. අනිවාර්යයෙන්ම ශ්‍රී ලාංකික ජනතාව ඔය දියවන්නාවේ ඉන්න රටපාවාදෙන දුෂ්ටයින් 225ම අල්ලාගෙන ඇවිත් දසවදම දී අපායට යවනවා. එදාට පොලිසිය, හමුදාව ඔක්කොම ජනතාවගේ පැත්ත ගන්න බවත් අමතක කරන්න එපා...
මේ තිරිසනුන් එන්නේ තවත් ගිනිගෙඩියකට බව නම් 100% ක් ස්ථිරය. එමෙන්ම තම බලය රැකුමට තමන්ගේ ආදරණිය අම්මවත් පාවා දෙන රිලව් 225ටම මහඟු අවස්ථාවක් උදාවෙලා තියෙන හිතේ හැටියට රට පාවාදීලා " අසුචි ඔටුන්න " ඔලුවේ තියා ගැනීමට...
නව ඇමෙරිකානු ව්‍යාප්තවාදය මැද පෙරදිගින් මධ්‍යම ආසියාවටත් එතැනින් දකුණු ආසියාවටත් ව්‍යාප්ත කරමින් 2025 දී ලංකාවේ ඇමෙරිකානු යුධ අංගනයක් පිහිටුවීම සදහා ඔවුන් කටයුතු කරනු ඇත. ඒ සදහා එකී ප්‍රදේශයන්හි දුර්වල රාජ්‍ය පාලකයින් මෙන්ම දැඩි මතධාරී රාජ්‍ය පාලකයින්ද ඔවුන් දඩයම්කරනු ඇත. ඒ ක්‍රම දෙකක් යටතේයි. දුර්වල පාලකයින්ගේ රටවල සුළු ජාතිකවාදී අන්තවාදීන් සන්නද්ධ ත්‍රස්තවාදී කටයුතු වලට පෙළඹවීම හා දැඩි මතධාරී පාලකයින්ගේ රටවල මානව හිමිකම් බිදවැටීම හුවාදක්වා ආර්ථික සම්බාධක පනවා එම රටවල් බෙල හීන කර ඇමෙරිකාවට ගැති, ණය උගුලකට හසුකර අවශ්‍ය පරිදි හැසිරවීමයි.