(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ තේරීම් කාරක සභාවේ ඉදිරි කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරූ ජයසූරිය යන මහත්වරුන් මුණ ගැසීමට කටයුතු කරන බව සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සදහන් කලේ මේ සතිය තුළ අගමැතිවරයා සහ කතානායකවරයා මුන ගැසී තේරීම් කාරක සභාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි.
සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව රාජගිරිය පිහිටි පිහිටි සාධාරණ සමාජයක් සදහා වු ජාතික ව්‍යාපාරයේ කාර්යාලයේ අද (9) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන තොරතුරු හෙළිවෙමින් තිබියදී ඇතැම් පිරිස් එයට එරෙහිවීම පිළිබඳ සිවිල් සංවිධාන නියෝජිතයන් ලෙස තමන් කණගාටු වෙන බවත් ඒ මහතා එහිදී කියා සිටියේය.
එමෙන්ම මෙම තේරීම් කාරක සභාව සඳහා සහාය ලබා දෙන ලෙසට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ පිරිසගෙන් ඉල්ලා සිටින බවත් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමුතුවෙන් හම්බවෙන්න දෙයක් නැහැ.. කොහොමත් ඉන්නේ අරලියගහ මන්දිරේ තියෙන කාමරේකනේ.. ඉතින් කියන දෙයක් එතනදී කියාගන්න එකයි තියෙන්නේ .. ආයේ මේ කපේදී මිනිස්සු ඔහේලා වගේ ඩොලර් කාක්කන්ට රැවටෙන එකක් නැහැ.
මෙයාගේ සංවිධානෙට කීදෙනෙක් ඉන්නවාද කියල කියන්න ඉස්සරවෙලාම. 50-60 ඉන්න පලියට,රටෙන්ම කොන්වෙලා ඉන්න , ඩොලර් කාක්කන්ට ලංකාවම ,අපව , නියෝජනය කරන්න අතියක් නැහැ.
මේ අය දැක්කාම සතුන්ගේ ලේ වලින් යැපෙන කිනිතුල්ලන් මතක් වෙනවා
රාජ්‍ය පාලනයට අදාළ රටේ සිදුවූ වැදගත් සිදුවීම් දැනගැනීමට නොදී ජනතාව රවටා ජනතා ඡන්දයෙන් රටේ බලය ලබාගෙන තම බඩ වඩාගනිමින් තම අභිමතාර්ථයන්ම මුදුන් පමුණුවා ගැනීමටම හිතන අය, පාර්ලිමේන්තු අනුමැතියකින් අගමැති හා කථානායක පවත්වන්නට යෙදුණු තේරීම් කාරක සභාවට විරුද්ධ වීම සාමාන්‍ය දෙයකි. පිරිසිදු ප්රජාතන්ත්රවාදී පාලනයක් ඇතිකිරීමට ඕනෑ අය මේ කාරක සභාව අත්‍යාවශ්‍ය බව පෙන්වා දී සිදුවියහැකි හා සිදුවෙමින් පවතින අඩුලුහුඬුකම් ඇතොත් ඒවා මඟහැර ගැනීමට උපදෙස් දෙති... බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ, මහමද්තුමන් ඇතුළු යහපතක් කරන්ට ගිය සෑම කෙනෙකුටම විරුදධව අන්තවාදීන් පහර පිට පහර එල්ලකර ඇත. බුදුන්ට විරුද්ධව පන්දහසක් භික්ෂු භික්ෂුණීන්, උපාසක උපසිකාවන් පිරිසක් සමග දේවදත්ත බුදුවෙන්න හැදූ හැටිත්, යේසුන්ට ඇණගැසීම හා මහම්මත්ගේ හිසට බාල්දි දැමීම හා ඔහුගේ දේශනාව එකල පටන්ම අන්තවාදයක් බවට හරවා අන්‍ය ආගමිකයන් නැතිකර මුළු ලෝකෙම මුස්ලිම් කරන්ට දරණ ප්රයත්නය යන සියල්ල විමසා බලන්නෙකු යතාර්ථය දකී. පොතක ලියා තිබුණත් පිළිගත යුත්තෙකු කියූවත් එපමණින් පිළි නොගෙන සියල්ල තමාම විමසා බලා ප්‍රඥාවන්තයෝ සත්‍ය වටහාගනිති. බුද්ධ වචනයද එයයි.
ඉදිරියේදී මැතිවරණ කිහිපයක් තිබෙන නිසා දැන් මේගොල්ල මුණගැහුනම ඉල්ලන ඕනෙම ඉල්ලීමක් දෙන්න මේ ගොල්ල කැමතිවේවි , ඉර හඳ වුනත් දෙන්නම් කියාවි , නමුත් ඡන්දෙන් පස්සේ මේ එකකවත් මේ ගොල්ලන්ට මතක නැතිවේවි , 2014 දී මේගොල්ල පොරොන්දු වුන දේවල් මතකනේ ? එක නිසා ලබන ජනාධිපති ඡන්දෙට ශ්‍රී ලනිප , එජාප , පොහොට්ටුව නියෝජනය කරන පරණ ඔළුගෙඩි ටික පැත්තකට දමල කලින් දේශපාලනය නොකරපු උගත් බුද්ධිමත් අවංක මනුෂ්‍යයෙක් ජනාධිපති අපේක්ෂකයා වශයෙන් තෝරාගෙන ප්‍රමෝට් කරමු ,රටේ බොහෝ දෙනෙකුට ලොකු නම් තිබෙන දේශපාලන චරිත දැන් නයාට අදුකොළ මෙනි .