ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර සති කිහිපයක් සැඟවුණු එකක් ‘කොවිඩ්-19’ වයිරස ආසාදිතයන්ගේ නව පොකුරක් නිර්මාණය වූ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සති කිහිපයක් මුළුල්ලේ සිට වයිරසය තිබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹදී අද (7) ප්‍රකාශ කළේය. 07 October 2020
ඇඟලුම් කම්හලේ ගම්පහ පදිංචි සේවකයන් සියලු දෙනාම කැඳවයි මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන ගම්පහ ප්‍රදේශයේ පදිංචි සියලුම සේවක සේවිකාවන්ට අද(07) සවස 4.00ට පෙර පහත සඳහන් ස්ථානවලට වාර්තා කරන ලෙසට පොලිසිය නියෝග කර ඇත. 07 October 2020
ගම්පහ මහ රෝහලේ වෛද්‍යවරයෙකුටත් කොරෝනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවිකාවන් කිහිපදෙනෙකුට ප්‍රතිකාර ලබා දී ඇති බව කියන, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා පැවසීය. 07 October 2020
ඇඟලුම් කම්හලෙන් තවත් ආසාදිතයෝ 190 ක් මිනුවන්ගොඩ පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවක පිරිසෙන් කොරෝනා ආසාදිත වූ තවත් 190 දෙනකු අද (07)මේ වන විට හඳුනාගෙන තිබේ. 07 October 2020
දඹුල්ලේ ලොකු ලූනු ගිනි ගණන් දේශීය ලොකු ලූනු කිලෝවක් සඳහා රුපියල් 240 ක ඉහළ තොග මිල අද (07) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී ගොවීන්ට ලැබෙන බව දේශීය ලොක ලූනු ගොවියෝ පවසති. 07 October 2020
උසස් පෙළ - ශිෂ්‍යත්වය සැලසුම් කළ පරිදිම අපොස උසස් පෙළ විභාගය හා ශිෂ්‍යත්ව විභාගය කලින් සැලසුම් කළ පරිදි නියමිත දිනවල පැවැත්වීමට රජය තීරණය කර ඇත. 07 October 2020
ගම්පහ කොරෝනා ආසාදිත රෝගීන් 21ක් රෝහලට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් ප්‍රදේශවල පදිංචි හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් 21 දෙනෙකු රෝහල් ගත කිරීම සඳහා කටයුතු කළ බව ගම්පහ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමින්ද සමරදිවාකර මහතා පවසයි. 07 October 2020
සීදූවටත් ඇඳිරි නීතිය මීගමුව පොලිස් කොට්ඨාසයට අයත් සීදූව පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 07 October 2020
‘මෙවර සොයාගත් අසාදිතයින්ගේ වයිරස් සාන්ද්‍රණය වැඩියි‘ පෞද්ගලික ඇඟලුම් කර්මාන්තශාලාවෙන් මේ වන විට හඳුනාගනු ලැබූ කොරෝනා අසාදිත පිරිසේ පෙර වාර්තා වු අසාදිත පිරිසට වඩා වයිරස් සාන්ද්‍රණ මට්ටම වර්ධනය වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. 07 October 2020
සමගි ජනබලවේගයේ 20ට එරෙහි විරෝධතා අත්හිටුවයි කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් විස්සට එරෙහිව හෙට (8) දිනයේ හයිඞ්පාක් පිටියේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ විරෝධතා ව්‍යාපාරය අවලංගු කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. 07 October 2020
ගුවන් තොටුපළ සේවිකාවකටත් කොරෝනා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරිසිදු කිරීමේ අංශයේ සේවයේ නියැලී සිටි සේවිකාවකට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි කටුනායක ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය. 07 October 2020
අජිත් රෝහණ ආපසු එයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවත් කර ඒ වෙනුවට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි. 07 October 2020
උසස්පෙළ-ශිෂ්‍යත්ව විභාග ගැන අවසන් තීරණය පස්වරු 2.00ට ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය අද(7) පස්වරු 2.00ට පමණ ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 07 October 2020
දිවුලපිටිය පාසලේ ගුරුවරුන් 57දෙනාට කොරෝනා නෑ කොරෝනා ආසාදිතදැයි පරීක්ෂා කිරීම සඳහා පී. සී. ආර්. පරීක්ෂණයට ලක් කෙරුණු දිවුලපිටිය විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු අධ්‍යයන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ 57 දෙනා කොරෝනා ආසාදිතයින් නොවන බවට වෛද්‍ය බලධාරීන් එම විදුහලට දැනුම් දී ඇත. 07 October 2020
කොරෝනාවෙන් නඩුත් කල්යයි කොරෝනා වයිරස වසංගත තත්ත්වය යටතේ අධිකරණ කටයුතු සිදුකරන ආකාරය හා පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස් පිළිබඳ අධිකරණ සේවා කොමිසන් සභාව විසින් සියලු අධිකරණ වෙත දැනුම් දී තිබේ. 07 October 2020
කොරෝනා ආසාදිත රෝගියෙක් රෝහලෙන් පනී රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කෙරෝනා වයිරසය වැළඳී ඇති පුද්ගලයකු ඊයේ (6) රාත්‍රියේ රෝහලින් පැන ගොස් ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් ‘ලංකාදීප’ යට පැවැසීය. 07 October 2020
පී.සී.ආර්. පරීක්ෂණයකට පසු හරීන් පාර්ලිමේන්තු යාමෙන් කැළඹීමක් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පීසීආර් පරීක්ෂණයක් කර ඇති බවත් ඔහු මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභා ගැබට පැමිණි බවත් එසේ කිරීම සදාචාරාත්මක නැති බවත් කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අද(7) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළහ. 07 October 2020
ගම්පහට-ජා ඇළට-කඳානට ඇඳිරි නීතිය කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොලිස් කොට්ඨාස 14ක් ඇතුළු පොලිස් කොට්ඨාස 17කට ඇඳිරිනීතිය පැනවූ බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 07 October 2020
ඩුබායි සිට ආ අයකුටත් කොරෝනා තංගල්ල රැකව ප්‍රදේශයේ සංචාරක හෝටලයක නිරෝධායනවෙමින් සිටි පුද්ගලයෙකුට කොරෝනා ආසාදනයවි ඇති බවට තහවුරුවිම නිසා ඔහු අද (06) සවස හම්බන්තොට රෝහල වෙත ගෙනගිය බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 06 October 2020
ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර 832 ට නගී මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 124 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 06 October 2020
’ජනාධිපතිධූරය දක්වා ආ සේද මාවතට ගල්ගසා විනාශ කරනවා’ මැතිවරණයේ දී ජනතාවගෙන් ඡන්දය ඉල්ලා සිටියේ 19 වන සංශෝධනයේ ඇති දුර්වලතා නිවැරදි කර ගැනීමට පමණක් බවත් ඉන් ඔබ්බට ගොස් අනාගතයේ නිවැරදි කරගන්නට බැරි විකෘති අංග විකල ව්‍යවස්ථාවක් සකසන්නට ජනතාව වරම් නොදුන් බව සිහි තබා ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 06 October 2020
භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනකුට කළු කුහර පිළිබඳ සොයාගැනීම් සඳහා විද්‍යාඥයින් තිදෙනකුට 2020 වසරේ භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය හිමිවී තිබේ. එය දිනාගැනීමට සමත් වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ රොජර් පෙන්රෝස්, ජර්මනියේ රයින්හාඩ් ජෙන්සෙල් සහ ඇමරිකාවේ ඇන්ඩ්‍රියා ගෙස් යන තිදෙනාය. 06 October 2020
භික්ෂූන් වහන්සේලා 16 නමක් ස්වයං නිරෝධායනයේ අහංගම ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන්වහන්සේ නමක් මිනුවන්ගොඩ ඥාති නිවසකට ගොස් ආපසු විහාරස්ථානයට වැඩම කිරිම නිසා එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා 16 නමක් අද (6) සිට විහාරස්ථානයේම ස්වයං නිරෝධායනයට යොමු කළ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි පමෝද සිරිවර්ධන මහතා පැවසීය. 06 October 2020
කොස්ගම හමුදා කඳවුරෙන් ගෙනා උණ්ඩයක් කපද්දී පුපුරායයි කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ පිපිරීමෙන් අනතුරුව සිදුකළ හිස් උණ්ඩ කොපු වෙන්දේසියෙන් කළුතර දකුණ වෙට්ටුමකඩ ව්‍යාපාරික ස්ථානයකට රැගෙන උණ්ඩ කොපු තොගයෙන් උණ්ඩයක් අද (6) පිපිරීමෙන් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කළුතර දකුණ පොලිසිය කියයි . 06 October 2020
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මහජන සේවා නවතී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සැපයෙන මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී.කේ.අලහකෝන් මහතා පවසයි. 06 October 2020
ඇඟලුම් කම්හලේ 707 කට කොරෝනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 139 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 06 October 2020
රෝගියගේ බිරිඳ සේවය කළ හොරණ රෝහලේ 5 වාට්ටුව වසා දමයි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු හොරණ කඳන්හේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට අද (08) දහවල් නාගොඩ මහ රෝහලේ සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බව නාගොඩ මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය තමර කඑබෝවිල මහතා පැවසීය. 06 October 2020
ගාල්ලට යැවූ 55 කින් 15 කට කොරෝනා දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ සමිපතමයින් නිරෝධායනයට යොමුකර සිටින හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින තවත් 15කට කොරෝනා ආසාදනයවි ඇති බවට අද (06) තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 06 October 2020
ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 9 කට කොරෝනා කොරෝනා වයිරසය ආසාදනය වි ඇති දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි ඇගලුම් සේවිකාවගේ ආශ්‍රිතයින් 23 දෙනෙකුගේ පි.සි.ආර්. පරික්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකළ බවත් අද (06) පස්වරුවේ ලැබුණු පරික්ෂණ වාර්තා වලට අනුව ඉන් 09 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි. 06 October 2020
කුරුණෑගල සියලුම උපකාරක පන්ති තාවකාලිකව නවත්වයි රට තුළ නැවත උද්ගතව පවතින කොරෝනා අවදානම සැළකිල්ලට ගෙන වයඹ පළාත තුළ ක්‍රියාත්මක සියලුම උපකාරක පන්ති හෙට (6) දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා නියම කළේය. 06 October 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026