බ්‍රැන්ඩික්ස් සේවකයින් ඇසුරු කළ අයගේ තොරතුරු ඉල්ලයි
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවය කළ අය මෙන්ම පසුගිය දිනවල එහි ගිය හා එහි සේවය කරන්නන් ආශ්‍රය කළ අය වේ නම් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට තම තොරතුරු ලබාදෙන්නැයි ඉල්ලීමක් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.