
(ඉන්දිකා රාමනායක)
කෝවිඩ්-19 වයිරසය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ට හා පොලිසියට කරුණු සඟවන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.
සෞඛ්‍ය බලධාරීන්, පොලිස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් සේවක සේවිකාවන්, ආයතන ඇතැම් ප්‍රධානීන් හමුවීමට ගිය අවස්ථාවේ ඔවුන් තොරතුරු ලබාදීමට මැලිකමක් දක්වන බවට තොරතුරු වාර්තා වී ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
මොවුන් සම්බන්ධයෙන් නීරෝධායන හා අපරාධ නීතිය යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කර්මාන්ත ශාලාවේ හෝ, එයට අනුබද්ධ ආයතනවල හෝ, නිවෙස්වල ගිය අවස්ථාවල දී කිසියම් කෙනෙක් යම් කරුණක් සඟවන්න උත්සහ ගන්නේ නම් එය නීතියෙන් වරදක් බවත්, මෙවැනි ක්‍රියා තුලින් මෙම අවදානම් තත්ත්වයෙන් මිදීමට නොහැකි බවත් හෙතෙම කියා සිටියේය.
මෙම කර්මාන්ත ශාලාවල කැස්ස, උණ වැළදී සිටි පිරිස, නිවෙස්වලට ගිය පිරිස, නිවෙල්වල සිට පැමිණි පිරිස, සමීපව ගැවසුන පිරිස ආදී මෙම සියලු තොරතුරු සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දිය යුතු බවද අජිත් රෝහණ මහතා පැවසීය.
එවැනි තොරතුරු වසන් කර විමර්ශනයේ එම කරුණු හෙළි වුවහොත් එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර නීතිය ක්‍රියාත්මක කරන බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.
කිසිම දෙයක් නොසඟවා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දෙන ලෙසත්, මේ සදහා සෞඛ්‍ය බලධාරීන්ට හා පොලිසියට සියලු තොරතුරු ලබා දෙන ලෙසට ඉල්ලා සිටින බවත්, එය ජාතික වගකීමක් බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ට තර්ජනය කළොත් මිනිස්සු බියවී සැඟවෙනවා. පරීක්ෂණ වැඩි කරන්න.
ඇමතිවරයෙක් කරාට දඬුවම් නැද්ද? එතුමෙක් කළොත් ආණ්ඩුවට අරං උසස් වීමක් හම්බවෙනවද?
වැරදිලාවත් හෙට අනිද්දා තොණ්ඩමන් ඇමැතිගේ ළඟ නෑයෙක්ගේ අවමගුලකදී බලාගන්න පුළුවන් කොරෝනා නීති රකින හැටි. අජිත් රෝහණ මහත්තයෝ, පොදු ජනතාව මේ නීති උපරිමයෙන් ආරක්ෂා කරනවා. නීති කඩන්නේ දේශපාලකයන් සහ ලොකු නිලධාරියෝ.