
(මුදිතා දයානන්ද)
“රටක බෝම්බ පිපිරුණාම එහි වගකීම රටේ නායකයා භාරගත යුතු නැහැ. වෙන රටවල කවුරුවත් එහෙම රටේ නායකයාට ඇගිල්ල දිගුකරන්නේ නැතැ”යි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමිනි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමේ වගකීම භාරගත යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා බවද හිටපු ජනාධිපතිවරයා කොමිසමේදී පැවසීය.
අන්තවාදින් ගැන, ඔවුන් ත්‍රස්ත ක්‍රියාවලට සූදානම් වන බවට තොරතුරු තමන්ට ලැබි තිබේ නම් එයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ජනාධිපතිවරයාගේ නියෝගයක් අවශ්‍ය නොවන බවද ඔහු පැවසීය.
සහරාන් හෂිම් ඇතුලු ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ පිරිසක් ත්‍රස්ත ප්‍රහාරයකට සුදානම් වන බවට විදෙස් බුද්ධි අංශයකින් ලැබුණ බුද්ධි තොරතුර ගැන තමන් දැන සිටියේ නම් ප්‍රතිකාර ලබාගැනිම සඳහා සුදානම් කළ විදෙස් ගමනද අවලංගු කර ප්‍රහාරය වළක්වා ගැනිම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නා බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහත්වරුන් ආරක්ෂක කවුන්සිලයට කැඳවීම පසුකාලිනව නවත්වනු ලැබුවේ එම කමිටුවේ රහස් පිටවි මාධ්‍යවල පවා පළවෙල තත්ත්වයක් නිර්මාණය වු නිසා බවද ඔහු පැවසීය.
නිකාබය තහනම් කිරිමට 2016 නොවැම්බර් මාසයේ ආරක්ෂක කවුන්සිල රැස්වීමේදි ඇතිකරගත් එකගතාවය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ විරෝධය නිසා වැළකුණ බවද එය පසුව පුවත්පත්වලද පළවූයෙන් නැවත සාකච්ඡාවට ගැනිමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වු බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
“බොහෝ දෙනා මගෙන් අහනවා සමහරුන්ට ආරක්ෂක මණ්ඩල රැස්වීම කියන්නේ නැත්තේ ඇයි කියලා. ආරක්ෂක මණ්ඩලය වගේ රහස්‍යභාවය රැකිය යුතුම තැනක රහස් පිටට ගියේ කොහොමද? ඒක තමයි හේතුව” යැයිද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම මොහුගේ විග්‍රහය ඉතාම නිවැරදිය. "මොකටද දැනදැනම මේ මියගිය මිනිසුන් එදා වඳින්න ගියේ.."අර හරින් " කිව්වා වගේ එදා දවසේ ඇඳ යටට වෙලා හිටියා නම් අදත් ඒ මිනිස්සු ඔක්කොම ජීවත් වෙනවා.
විෂය බාර ඇමතිට ආරක්ෂක තොරතුරු සොයා බැලීමක්, යාවත්කාලීන කිරීමක් අවශ්‍ය නොකරන්නද?
ලෝකයේ කිසිම රටක බුද්ධි අංශ හා රාජ්‍ය නායකයා දැනදැනම ත්‍රස්ත ප්‍රහාර සිදුවී නැහැ. එවැනි අමන පාලකයින් සිටි ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි. බලය ලබාගැනීම වෙනුවෙන් තම ජාතිය ඝාතනය කිරීමට ඉඩ සැලසු එකම රට තමයි මේ. රටේ ජනාධිපති උවත් තම නැණ පමණ අනුව අනුන් විසින් එහාට මෙහාට අදින ඉත්තෙක් වැනි රූකඩයක් තමයි අපි පසුගිය සමයේ දුටුවේ... හිටපු ජනාධිපතිව ඝාතනය කිරීමට පැමිණි කුමාර නැමැත්තා මේ වනවිට යහතින් වැජඹෙන්නේ කොහොමද? කෝ ඔහුට විරුද්ධව නඩු? තම සගයන් හට බලය ලබාදීම වෙනුවෙන්, පාප මිත්‍රයන්ගේ ගොදුරක්වූ මොහුට දැන් කළ දේවල් පාරාවළල්ලක් වී ඇත. තනිවම විඳවනවාද, සගයින්ගේ නම් හෙළිකර, ඔවුන්වත් විඳවීමට හවුල් කරගෙන තම පව් කමා කර ගන්නවාද කියන එක හෙලිකිරීම මොහුට බාරයි. ඒ අපරාධයට දායක වූවන්ට සසර පුරාවටම ශාප වේවා..!!!
ඔව්, ඔබවන් නායකයෙක් පත්කර ගත්තු ඡන්ද දායකයින් තමයි වගකියන්න ඕනේ.
ඉස්සෙල්ලා ම බැලුවා නං හොඳයි ..., මේ තුමාට මුක්තියක් වාගේ දෙයක් තියනවාද කියලා.., එහෙම වුණොත් අපරාදේ වෙලා නාස්තියක් වෙන්නේ.. හරිම පුදුමයි රටක නායකයෙක් මේවාගේ වගකීම් විරහිත කතාවක් කිව්ව එක... නමුත් ශ්‍රී ලාංකිකයෙක් හැටියට මමත් බලං ඉන්නවා තීන්දුව කොහොමද වෙන්නේ කියලා.. මොකද ඉතිහාසේ පුරාවටම වුණු ඔක්කොම දේශපාලන මගඩිවලට වන්දි ගෙවන්න වුනේ රටේ ජනතාවට මිස දේශපාලකයින්ට නොවෙන නිසා... මේ තුමාව වැඩි ඡන්ද ප්‍රමාණයකින් ප්‍රථම ස්ථානයට ගෙන ආපු ඒ ප්‍රදේශයේ ජනතාවට මගේ ප්‍රණාමය...!!!
හිටපු ග්‍රාම සේවක නිලධාරියෙක්නේ.., මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ...!
හරීන්ගේ තාත්තා දන්නවා හෙට බෝම්බ ගහනවා කියලා. ඒත් ඔබතුමා මොනවත් දන්නේ නැහැ. කෝ ඔබතුමාගේ ලඟින් හිටිය මිනිස්සු බලන කොට ඔබතුමා රටේ වෙන කිසිම දෙයක් දැනගෙන ඉඳලා නැහැනේ හිටන්..
මොනවද මේ කියවන අපබ්‍රංස කතා...? මේ හිටපු ජනපතිවරයා තමයි සියලු ආරක්ෂක අංශවලට අණදෙන සේනාධිනායකයා වුනේ. මෙයා නොදැන යමක් වෙන්නට පුළුවන්ද? ප්‍රධානම වගකීම මොහුගේ. මොහුට සේනාධිනායකයා ලෙස ඒ වගකීමෙන් කිසිසේත් මිදිය නොහැකි බව පෙනේ. එසේනම් මේ ඔහු කියවන්නේ හොඳ සිහි බුද්ධියෙන් දැයි සැකයක් මතු වෙනවා නොවේද?
කොටි එක්ක යුද්ධයත් අවසාන කළේ මෙයාලුනේ. දැනගෙන හිටියා නම් ගිහින් සහරාන්ගේ බෙල්ලෙන් අල්ලන් එනවා සිකුරුයි.
එතකොට සැකකාරයින් පිළිබඳව පරීක්ෂණ පොලිසියට කරන්නට එපා යයි කීමේ වගකීම මෙතුමා ගන්නවද?
දැන් ගැලවෙන්න හදනවා.. මොහු සිරගත කළ යුතු අපරාධයක් කළේ.. දෙවියන් මොහුට සමාවක් නොදෙනු ඇත.
මෙවන් කෙනෙක් මගේ මව් රටේ බිහි නොවේවා.
එහෙනම් චන්ද්‍රිකාද බාරගන්න ඕනේ...
එතකොට විරුද්ධ පක්ෂයේ කණ්ඩායම් ආරක්ෂක කවුන්සිලයට ගොස් සාකච්ඡා කරලා තියෙනවා නේද? අනේ මෙහෙමත් රටක්, මෙහෙමත් ජනාධිපති කෙනෙක්..
වගකීම බාරගන්න බැරිනම් ආරක්ෂක ඇමැතිකම බාරගත්තේ ඇයි? ආරක්ෂක ලේකම්ට, පොලිස්පතිට, තනිතීරණ ගන්න පුළුවන් නම් ආරක්ෂක ඇමැති කෙනෙකු කුමකටද? කෙටියෙන් කියනවා නම් නොදන්න දේවල් කරන්න යන්නේ කුමකටද?
නැවතත් ඔබතුමාට ජනාධිපතිකම දුන්නොත් බාරගන්න කැමැතිද?
ආරක්ෂක ඇමැති විදිහට බාරගත යුතුමයි මෙය.
විධායක ජනාධිපති තමයි එකම වගකිව යුතු කෙනා.
ජනාධිපති අනිවාර්යයෙන් ජනතාවට වගකියන්න ඕනෑමයි.
ඔක්කොම කරලා දැන් හරි වගේනේ කතා කරන්නේ.
යහපාලනෙත් කාලා, රටත් කාලා, මිනිස්සු 300ක් විතර මරාගත්තේ... ඒකට මෙයා වගකිව යුතුයි කියලා මට හිතෙනවා.
වගකීම් විරහිත බව, නිවැරදි දැක්මක් නැතිකම, ඡන්දය දුන් ජනතාවගේ අපෙක්ෂාව අමතක කිරීම වැනි හේතු මත මෙතුමා ආරක්ෂක ඇමතිකම සරත් ෆොන්සේකාට නොදී තමන් ළඟම තියාගත්තා. රටේ ආරක්ෂාව බිංදුවට දැම්මා. දැන් වගකීම බාරගන්න බෑලු. ලැජ්ජයි!!
අනිකුත් රටවල ජනාධිපතිවරුන්ට ඇඟිල්ල දික්කරන්නේ නැහැ තමයි, කරණය ඒ ගොල්ලෝ රට නියමෙට පාලනය කරන නිසා.
මෙහෙමත් නායකයො, අනේ වාසනාවන්.
එතකොට මොන දේකටද අපි ඔයාව නායකයා කෙරුවේ.?
ඔයා රනිල් වගේම නායකයෙක් නොවේ කියලා එදා මට හිතුනු නිසා උදේ පාන්දරින් ගිහින් මෛත්‍රී වේවා කියලා කතිරේ ගැහුවේ නැහැ. ඔබ මෙයට වැරදි කරු නොවිය හැක. නමුත් ඔබ රටේ ජනාධිපති ලෙස මෙයට වගකිව යුතුය.
ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ක්‍රියා කළ යුතුව තිබුණි. ඔහු තම පරම යුතුකම නොසලකා හැර ඇති බව පැහැදිලිය.
ඔය බෝම්බ පිපිරීමේ වගකීම විතරද මෙතුමා කර අරින්න හදන්නේ.?
රනිල්, හේමසිරි සහ පූජිත් වගකිව යුතු නමුත් මෛත්‍රී මහතා මෙන් නොවේ.
මෙතුමා නේද ආරක්ෂක ඇමති. ඉතින් මෙතුමා වගකියන්න ඕනේ පළමුව.
පාත් තැනින් යයි ජලා ගලේ.... සෝබනා... පාත් තැනින් යයි ජලා ගලේ....
ජනහිපති වුනත් මේ වගේ අය වැඩක් නැහැනේ.
ඔයා ආරක්ෂක ඇමතිත් බව අමතක වුනාද ?
රට අගාදය ඇද දැම්මේ කවුද.?
20 න් එන මුක්තිය මොහුට තිබුණේ නම් ? මෙහෙම ප්‍රශ්න කොරලත් අහවරය. එහෙනම් 20 ??
පොලොන්නරුවේ සිට පැමිණි ඒ සරල මිනිසා සිංගප්පූරුව ට වෛද්‍ය ප්‍රතිකාර සදහා ගොස් ඇත.
අනේ ඔව්... මෙයා වගකීම් ගන්න ඕන නැහැ වගේම අර අසරණ ලේකම් මහත්මයයි පුජිත් මහත්තයයි දන්ගෙඩියට යවන්න ඕනත් නැහැ.
මක්කද මේ වටින් ගොඩින් කරකවමින් විමසන්න.... දැනුනේනම් "හරීන්" ලෙසම ඇදයටම රිංගන්නේ........ හැම දේම දන්නේ මා පත්තරයෙන් බව දන්නවනේ...... එබැවින් විහිළු තහළු නොකරනු මගේ ගොලයිනේ....
වගකීමට දැනීමක් හැකියාවක් සුදුසුකමක් නැතිව රාජ්‍ය පාලනය වගකීම ගන්නට කියන එක වැරදි සහගතය.
හරි ඔබ වගකිවයුතු නැහැ එසේ කල හැකි අයකුත් නොවේනම් වගකිවයුත්තේ කවුද.?
නායකයෝ නොවන අය රටක නායකත්වයට පත්වුණාම හිතන්නේ එහෙම තමා.
ඔව් ඉතින් වගකීමක් ගන්න පුළුවන් රටේ ජනාධිපතිවරයට නිකං කෙනෙක්ට රටේ දේවල් වල වගකීමක් ගන්න බැහැනේ. කථාව ඇත්ත.
එක්සත් ජාතික පක්ෂයේ නායකයට කට්ටිය කොච්චර චෝදනා කලත් එතුමා ඒ එකකටවත් පිළිතුරු දෙන්න මහන්සි වෙන්නේ නැහැ , මොකදු ඔහු දන්නවා කිසිම නඩුවක් වත් වැටෙන්නේ නැතිබව.
බිත්තිය කඩන් වැටිලා ගෙදර ගෑනි යටවෙලා මලා. රජ්ජුරුවො නඩුව ඇහුවම මේසෙන් බාස් කිව්ව බිත්තිය බඳිනවෙලාවෙ එතනින ගිය ලස්සන ගෑනි දිහා බැලුන හින්දයි බිත්තිය ඇද උනේ ඒ හින්දා එයා වරදකාරි කියලා. ඒ ගෑනි කිව්වළු එයා එතනින් ගියේ කෝටු කිතයියා හම්බවෙන්න නිසා ඔහු වරදකාරයා කියලා. කෝටු කිතයියා කිව්ව්වලු රජාගෙ ඇතා පාගලා මරන්න ගියොත් ඇතාගෙ කකුල් තුවාල වෙයි ඒ හින්දා අල්ලපු ගෙදර මහත කෙනාව ඒ වෙනුවට පාගලා මරන්න කියලා... හ්ම්ම්ම් ... ඒ කාලෙ නම් එහෙම කලා කියලයි කියන්නෙ.
මහත්තයෝ, අනෙක් රටවල නායකයින් ඒ රටවල සිදුවන ත‍්‍රස්ත කටයුතු ගැන වගකීම නොගන්නවා වුණත්, ගිහින් බලන්න ඒ වගේ අවස්ථාවකට පස්සේ ඒ අය කටයුතු කරන හැටි ගැන. නමුත් ඔබ? පාලක පන්තිය නියෝජනය කරන ඔබ ගැන පුදුම කළකිරීමක් තිබෙන්නේ. කර්ම ඵලවිපාක කියලා දෙයක් ඇත්තටම තියෙනවද, කියලත් ප‍්‍රශ්නයක් නැගෙනවා ඔබගේ මේ අදහස් දැක්වීම් බැලුවාම. මේ ලේ රත්කරගෙන දාන අදහස්වලින් ඔබට නම් කිසි අගතියක් වෙන්නේ නැහැ කියලත් දන්නවා. ඒ පාඩුවත්, අනේ අපිටම තමයි.
මෙහෙම මැටි ගොඩකට කතිරෙ ගහපු එක ජීවිතේට කරගත් වැරදීමක්... කනකොට මීහරකෙක්ගේ ඇඟේ වහලා ඉන්නකොට සුද පේන්නේ නැහැ වගේ. ව්‍යවස්ථා කුමන්ත්‍රණයට හිරේ යනකම් බලාගෙන ඉම්මු.
අපි ඔක්කොම වගකීම බාරගමු.
අයියෝ සිරිසේන... මිස්ටර් බීන් හොඳයි.
ආරක්ෂක ඇමැති වශයෙන් ඇතුළට ගියාට කමක් නැහැ නේද?
ඔබ වගකිව යුතුයි. නමුත් වරදකරු නොවිය හැකියි. ඔබ උගත යුතුයි. අන්ධ අනුගාමිකයින් හෝ කුලී හමුදාවක් නොමැතිව රටක් කිසිදාක බාර නොගත යුතුයි. ඔබට වූයේ ඔබ වටා සිටින්නන්ට ලාභ නොමැති නිසා ඔවුන් ඔබ හැරයාමයි. ඔබ නොතකා කටයුතු කිරීමයි. ඔබ කළ බොහෝ දේ අමතක කර ඔබට දොස් නගන්නේ ඒ නිසාය. බෙහෝ නායකයන් යටතේ මේ රටේ විශාල විනාශයන් සිදුව ඇත. නමුත් ඔවුන්ට අනුගාමිකයන් හා කුලී හමුදාවන් සිටි නිසා...
පත්තරේ, ටීවී එකෙන් රටේ දේවල් දකින මෙයාගෙන් තව මොන කතාද?
මෙයාව ගෝල්ෆේස් ගෙනිහිල්ලා, සීනි දාලා වෙඩි තියන්න ඕනේ... මේ කරපු අපරාදෙට..
මෙයා වගේ නිලධාරියෙක්.. ඉතින් මේ වගේ කෙනෙක් රටක් කරන්න සුදුසුද කියා මෙයා කරන කියන දේවල්වලින් හොඳින් පෙනේ.
එහෙනම් මැරුණු කට්ටියටම බාර ගන්න වේවි.
හරිහමන් කෙනෙක් රජ වුනාම මෙහෙම තමයි රටකට වෙන්නේ.
මෙතුමාව ජනාධිපති කරන්න මහන්සි වුන අයට දඬුවම් කරන්න ඕන මේ වගේ කෙනෙක් ජනාධිපති කලාට.
62 ලක්ෂයක් මෙයාට නම් ශාපකරනවා නියතයි.
මෙයාට දිවවල් කීයක් තියේද කියා බලන්න... දැන් කියපු දේ විනාඩියකින් නෑ කියනවා මෙයා..
එතකොට ඒ මිනිස්සුම ඒ වගකීම බාරගන්න ඕන කියලා වෙන්න ඇති මෙයා මේ කියන්නේ.?