IMG-LOGO

ට්‍රම්ප් කොරෝනාව ගණන් නොගනී

 

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තවමත්  කොරෝනා වයිරසය සැලකිල්ලට ගෙන නැතැයි මේ වනවිට බොහෝ පාර්ශවවලින් චෝදනා එල්ල වී තිබේ.

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතයෙන් තවමත් වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් සහ වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 209,000 අධික පිරිසකට මේ වනවිට ජීවිත අහිමි වී තිබේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කොරෝනා වයිරසය පාලනය කිරීමට ප්‍රමුඛත්වය නොදෙන බවත් ඔහු ප්‍රමුඛත්වය දෙන්නේ සිය දේශපාලන වුවමනාවලට පමණක් බවත් ඔවුහු චෝදනා කරති.

ඇමෙරිකාවේ තුළ නව කොරෝනා වයිරසය පාලනය කරගැනීමට නොහැකි වූයේ ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපය නිසා යැයි බොහෝ පාර්ශවවලින් චෝදනා එල්ල විය.

මෙම චෝදනා අලුත් වූයේ ‘කොවිඩ්-19’ වයිරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලබන ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (5) රෝහලෙන් පිටතට පැමිණීමත් සමඟ ය.

ඔහු සිය මෝටර් රථයෙන් රෝහලෙන් පිටතට පැමිණි අතර ඒ අවට රැස්ව සිටි සිය ආධාරකරුවන්ට අත වැනීය.

ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව විරුද්ධවාදීන්ගේ දැඩි විරෝධයට හේතුවිය. ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාව භයානක දේශපාලන ක්‍රියාවක් යැයි ඔවූහු චෝදනා කළහ.

 
ජනාධිපති ට්‍රම්ප් කළු පැහැති මුඛ ආවරණයක් පැළැඳ සිටි අතර මෝටර් රථයේ පසුපස ආසනයේ ඉඳගෙන සිටියේය. මෝටර් රථයේ ඉදිරිපස රියදුරු ඇතුළුව දෙදෙනකු සිටි අතර ඔවුහු දෙදෙනා ද මුඛ ආවරණ පැළැඳ සිටියහ.

‘‘ජනාධිපති ට්‍රම්ප් පොඩි වෙලාවකට මෝටර් රථයකින් රෝහලෙන් පිටතට ගියා. ඔහු රෝහලෙන් පිටත සිටි සිය ආධාරකරුවන්ට අත වැනුවා. දැන් නැවත ඔහු රෝහලට පැමිණියා’’ යැයි ධවල මන්දිරයේ ප්‍රකාශක ජඩ් ඩියර් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. ‘‘සියලු ආරක්ෂිත පියවර ගත්තා’’ යැයි ද එම නිවේදනයේ දැක්විණි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූයේ ඉකුත් බ්‍රහස්පතින්දා (1) රාත්‍රියේදී ය. ඉන් අනතුරුව ට්‍රම්ප් සිකුරාදා (2) පස්වරුවේ වොෂින්ටන් නුවර ආසන්නයේ පිහිටි හමුදා රෝහලක් වන ‘වෝල්ටර් රීඩ්’ හෝටලයට ඇතුළත් කළේය.

හැත්තෑ හතර (74) වැනි වියේ පසුවන ජනාධිපති ට්‍රම්ප්ට ඔක්සිජන් ලබාදුන් අත්හදා බැලීම් මට්ටමේ තිබෙන ප්‍රතිකාර ද කර ඇතැයි වාර්තා වේ. නව කොරෝනා වයිරසය සඳහා මේ වනවිට පරීක්ෂණ හා අත්හදා බැලීම් මට්ටමේ පවතින ඖෂධ සාමාන්‍යයෙන් ලබාදෙන්නේ බරපතළ තත්ත්වයේ සිටින රෝගීන්ට ය.

රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් රෝහලේ සිය අත්දැකීම් සඳහන් කරමින් මේ වනවිට විඩියෝ සහ ඡායාරූප සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඇත.

‘‘පාරේ ඉන්නේ අපේ ශ්‍රේෂ්ඨ දේශප්‍රේමීන්ට අපෙන් පුංචි පුදුමයක්’’ යැයි සිය අවසන් විඩියෝ පටය නිකුත් කරමින් ට්‍රම්ප් කීය. මෝටර් රථයෙන් රෝහලෙන් පිටතට ගොස් පැමිණීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ බව කීය.

‘‘මේක දේශපාලන රංගනයක්’’ යැයි තවත් බොහෝ අය මෙන් ට්‍රම්ප්ගේ මෙම ක්‍රියාව විවේචනය කළ ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්යවරයකු වන වෛද්‍ය ජේම්ස් ෆිලිප්ස් පැවැසීය.

ඒ.එෆ්.පී./රොයිටර්

055



අදහස් (3)

ට්‍රම්ප් කොරෝනාව ගණන් නොගනී

Bamunuarachchi Wednesday, 07 October 2020 01:17 AM

කොරෝනාව ඔය කාවවත් ගණන්ගන්නේ නැහැ. බලමු ට්‍රම්ප් කොරෝනාව නැති කරයිද කොරෝනාව ට්‍රම්ප් නැති කරයිද කියලා.

:       0       0

BamunuarachchiWednesday, 07 October 2020 01:18 PM

හැබැයි රීගන්ගෙන් පසු ඇමෙරිකාව යුද්ධයක පටලවා නොගත්ත එකම ජනාධිපති. ඒකට ඇමෙරිකන් ජනතාව මෙයාට සැලියුට් කරන්න ඕනේ..

:       1       0

NuwanThursday, 08 October 2020 06:33 AM

ඔබට වැරැදිලා.. කෝවිඩ් 19 කියන වයිරසය ආවේ කොහෙන්ද? ඒක මොකක්ද කියලා ට්‍රම්ප් හරියටම දන්නවා. ඔය මාධ්‍යවලින් පෙන්නන මිනිහා නෙවේ ට්‍රම්ප් කියන්නේ... කපටි, ශූර, බුද්ධිමත්, අති සාර්ථක දක්ෂ ව්‍යාපාරිකයෙක් ඔහු. ඔහුගේ තීරණ වැරදිලා නැහැ. අමතක කරන්න එපා බහුතරය බොහෝවිට වැරදියි කියන කියමන. ඔහු දන්නවා වයිරසයේ හැකියාව සහ එය නිපදවූ හැටි. ඒකයි මුලින්ම මෙය චීන වයිරසය ලෙස නම් කළේ. ළඟදිම බලන්න වෙන දේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site