කුලප්පුවීම් එපා: බුද්ධිමත්ව කටයුතු කරමු
සන්ත්රාසය යනු ඉංග්‍රීසි භාෂාවෙන් ‘‘Panic’’ යන්නට සිංහල භාෂාවෙන් යෙදෙන වදනකි. තවත් අර්ථයක් වශයෙන් හදිසි බිය නිසා හටගන්නා ව්‍යාකූල බව වශයෙන් ද ගත හැකිය. එමෙන්ම වඩාත් සරල ආකාරයකට එය ‘කුලප්පු වීම’ කියා ද කිව හැක. මේ අර්ථ දැක්වීම් සියල්ලම මේ දිනවල රටේ පොදු මහජනතාවට අදාළ වන්නේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර හේතුවෙනි.