
(නිමල කොඩිතුවක්කු සහ මොහොමඩ් ආසික්)
කොරෝනා වසංගතය හේතුවෙන් දිවයිනේ සියලුම මුස්ලිම් දේවස්ථානවල සිදුකරනු ලබන සිකුරාදා යාඥාව ඇතුළු සියලුම යාච්ඥාවන් සඳහා සහභාගී විය හැකි උපරිම පිරිස 50දෙනෙකුට සීමා කර ඇති බව මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ. බී. එම්. අෂ්රෆ් මහතා ලංකාදීපයට පැවසීය.
රට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වකුෆ් සභාව ගත් තීරණය මත මේ සම්බන්ධයෙන් සියලුම මුස්ලිම් දේවස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් අෂ්රෆ් මහතා සඳහන් කළේය.
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ලබාදි ඇති උපදෙස් මත වකුෆ් සභාව මෙම තිරණය ගත් බවත් දේවස්ථානයේ ආගමික වතාවත්වලට සහභාගී විය හැකි පුද්ගල ධාරිතාවයෙන් 50%ක ප්‍රමාණයක් සහභාගී කර ගත යුතු බවත් අෂ්රෆ් මහතා පැවසීය.
දේවස්ථානවල පැවැත්වෙන වතාවත්වලට සහභාගී වන පිරිස් උපරිම සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙසට දැනුම් දී ඇතැයිද ඔහු කියා සිටියේය.
දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශයන්හි මුස්ලිම් දේවස්ථාන වසා දැමීමට උපදෙස් ලබාදී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් සතියක් 2ක් නතරම කරලා දාන්නකෝ...
ඕනම ජාතියේ යාඥාවකින් කෙරෙන්නේ සිත සැහැල්ලු කරන එක පමණයි. යාඥාකරලා ලෙඩේ බෝවෙන එක නවත්වන්න බැහැ. ප්‍රවේසම් වෙන එක සේරටම වඩා වැදගත්..
මේ පාර තමයි දෙයියොත් නැතිවෙන්නේ...
බද්රානි, පණ්ඩිත කතා නොකර රොටියක් පුච්චගෙන කන්න.