IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාව කළ අයටත් කොරෝනා

(පුෂ්පකුමාර මල්ලවාරච්චි)

මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ ආපන ශාලාව පවත්වගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව තහවුරුවීමෙන් එහි සේවය කරන  පොලිස් නිලධාරීන් සියලු දෙනාගේ පී සී ආර් පරීක්ෂණ පවත්වා ඔවුන් අවශ්‍ය වන පරිදි නිරෝධායනයට යොමු කිරීම හෝ වෙනත් අවශ්‍ය පියවර ගැනීමට නියමිත බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු සදහන් කළේය.

මේ හේතුවෙන් 150 ක් පමණ වන පොලිස් නිලධාරීහු පිරිසක් දැඩි අවදානමකට පත්ව ඇතැයි එහි සේවය කරන නිලධාරීහු සදහන් කළහ.

බ්‍රැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවිකාවන් කොරෝනා උවදුරට ගොදුරුවීමත් සමඟ මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් ඔවුන් හා සමීපව කටයුතු කිරීමෙන් පොලිසියේ සේවය කරන කොටසකගේ පී. සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමේදී ආපන ශාලාව පවත්වාගෙන ගිය පුද්ගලයා ද පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී ඔහු ආසාදිතයකු බව අනාවරණය වී ඇත.

මෙසේ හදුනාගෙන ඇත්තේ ආඩිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහුගේ පුතා ඇගලුම් ආයතනයේ සේවය කර කොරෝනා ආසාදිතයකු බව හෙළිවී තිබියදීත් ආපන ශාලවේ කටයුතු පවත්වාගෙන ගොස් ඇතැයි ද අනාවරණය වී ඇත.

මිනුවන්ගොඩ පොලිසියේ මෙන්ම ඇදිරිනීතිය හේතුවෙන් වාර්තා කළ වෙනත් පොලිස් ස්ථානයන්ට අයත් පිරිස්ද  ආපන ශාලාව ප්‍රයෝජනයට ගෙන ඇතැයි ද හෙළි වී තිබේ.



අදහස් (0)

මිනුවන්ගොඩ පොලිසියේ ආපනශාලාව කළ අයටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31664 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14119 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11105 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site