
(වයි .ඒ.එස් විරවංශ)
මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රදේවලින් පැමිණි සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් 75 දෙනෙකු පී සී ආර් පරීක්ෂණවලට යොමු කළද ඒ කිසිවෙකුටවත් කොරෝනා වයිරසය වැළඳී නොමැති බවට තහවුරු වී ඇතැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපති ආචාර්ය අතුල ඥානපාල මහතා අද (08) පැවසීය.
මෙම පී සී ආර් පරීක්ෂණ කටයුතු ඉඹුල්පේ සෙෘඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන්ගේ මැදිහත්වීම මත සිදුකෙරිණි.
ඒ අනුව සෞඛ්‍ය රීති අනුගමනය කරමින් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු හා අනෙකුත් සේවාවන් සමාන්‍ය පරිදි සිදුකරන බව වැඩ බලන උපකුලපතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම වැඩක්නේ. වෛරස් එක පාසැල් ළමයින්ට, විශ්වවිද්‍යාල ළමයින්ට ගුරුවරුන්ට හැදෙන්නේ නැතුව අනිත් හැම ආශ්‍රිතයින්ටම හැදිලා.. ඇත්තටම එහෙම වුණු එක හොඳයි. ඒත් ඇත්ත සඟවලා කටයුතු කරන එක ගොඩක් භයානකයි...