(අජන්ත කුමාර අගලකඩ)
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් දැනුවත් කිරිමේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (9) සවස 3.30 ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.
එහිදී අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්.පිරිස් සහ අධිකරණ ඇමැති ජනාධීපති නීතිඥ අලි සබ්රි යන මහත්වරුන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මැති ඇමැතිවරුන් දැනුවත් කරනු ඇතැයි වාර්තා වේ.
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තමන් දැනුවත් නැති බැවින් ඒ පිළිබඳව දැනුවත් කරන්නැයි ආණ්ඩු පක්ෂයෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ව ආණ්ඩුවෙන් ඉකුත් දා ඉල්ලීමක් කළහ.
මෙම දැනුවත් කිරිමේ හමුව එම ඉල්ලීම අනුව කැඳවා ඇතැයි වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට හෙණ ගැහුවත් නුඹලාට 20
20ට පළමුව කෝවිඩ් 19 ගැන දැනුවත් කරන්න.
එළ එළ... ජයෙන් ජයම වේවා.. රටම ගොඩගියා.
මේ හදන්නේ කොරෝනාවෙන් වාසිඅරන් 20 පාස් කරගන්න. 20 ගැන නොදන්නා බබාලනේ ඔය දියවන්නාවේ ඉන්නේ... ලෝකේ කාලා වතුර බීපු අය 20 පාස් කරගෙන මහජනතාවට ලෝදිය පොවන්නයි හදන්නේ. රට වැසියනේ කොරොනා තිබුණත් රටේ මහ එවුන් යැයි කියා ගන්නා අය ගැන සෙවිල්ලෙන් හිටපල්ලා. කොරෝනා උත්සන්න වුනොත් වෙන්නේ මැරෙන එකයි. එ්ත් 20 පාස් කරගත්තොත් මැරි මැරී ඉපදේවි. කල්පනාවෙන්....
මන්ත්‍රීවරුන්ට, ඇමැතිවරුන්ට කියලා දෙයි ජනාධිපතිතුමාව කේන්ති ගස්සන්නේ නැතිව, වැඩිය ප්‍රශ්න අහන්නේ නැතිව ඕකට අත උස්සන්න කියලා. අපි බලාගෙන ඉන්නවා කාටද කොන්ද පණ තියෙන්නේ කියලා ආණ්ඩු පක්ෂයේ...
20 පාස්කරගන්න එක කෝවිඩ් වසංගතය පාලනය කරන කෙමක්.. මෙලහට ඕක කෙරුවා නම් මේ රටේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙලා ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය වෙලා බැබළෙනවා...!! 20 කියන්නේ කොරෝනා විෂබීජ නාශකයක්...!!!
එලියට එනකොට හැමෝම හැමදේටම එකඟවෙලා තියේවි, එච්චරයි.