
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නරියෙකු විසින් නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටි වසරක් පමණ වයස දැරියක ඩැහැ ගැනීමට තැත් කිරීමේ දී මව ක්ෂණික ව ක්‍රියාත්මක වී එය වළක්වා තිබේ. නරියා විසින් දැරියගේ කකුල සපාකෑම හේතුවෙන් තුවාල ලැබූ ඇය ප්‍රතිකාර සඳහා හොරණ මූලික රෝහටල ඇතුලත් කර ඇත.
වහා ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් පලායමින් සිටි නරියා කොටුකර පහර දී මරා දමා ඇත.
තුවාල ලද දැරිය සිය සොහොයුරා සහ සොහොයුරිය සමඟ නිවසේ සාලයේ සෙල්ලම් කරමින් සිටියදී මව මුළුතැන්ගෙයි කෑම පිසිමින් සිට ඇතැයි ද, මේ දිනවල එම ප්‍රදේශයේ නරියන් ගැවසීම හේතුවෙන් නිවසේ දොර වසා ගෙන සිටින ලෙස බිරිඳට පවසා තිබූ බව ද දැරියගේ පියා කීවේය.
අදාළ අවස්ථාවේදී දොර වසා නොතිබී ඇති අතර නරියා නිවස දෙසට එනු දුටු වසර 5 ක් වයසැති වැඩිමල් දරුවා මුළුතැන්ගෙට දිව ගොස් ''අම්මේ නරියෙක් වගේ එකෙක් ගෙවල් පැත්තට එනවා'' මවට පැවසීමත් සමඟ වහා ක්‍රියාත්මක වූ එම මව නිවසේ සාලය වෙත දිවවිත් එහි සිටි දැරිය වඩා ගැනීමට සැරසීමත් සමගම නරියා එකවරම උඩ පැන දැරියගේ දකුණු කකුල සපා කා තිබු බව ද ඔහු පැවසීය. ඒ සමගම මව දරුවත් වඩාගෙන මහ හයියෙන් කෑ ගසමින් දිව යාමත් සමඟම නරියා කාමරයක සිට නිවෙසින් පිටතට පැන පලා ගොස් තිබිණි.
සිද්ධිය සැලවීමත් සමගම නිවස වෙත යතුරු පැදියෙන් පැමිණෙමින් සිටි දැරියගේ පියා වන චන්ද්‍රසිරි මහතා වෙත ද පලායමින් සිටි නරියා කැලෑවක එකවරම පැන ඇති අතර ඔහු එයින් බේරී නිවස වෙත පැමිණි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය. දරුවා සපා කා පළා යමින් සිටි නරියා සොයා පහර දී මරා දමා රෝහල වෙත රැගෙන ගොස් එහි පැමිණි වනජීවී නිලධාරීන් වෙත භාර දී තිබිණි.
හොරණ මූලික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මියගෙන් මේ පිළිබඳ විමසීමේදී ඇය මෙසේ පැවසුවාය.
'' නරියා සපා කෑමෙන් තුවාල වූ දැරියට අවශ්‍ය මූලික ප්‍රතිකාර සිදුකර එන්නත් පවා ලබා දුන්නා. වැඩිදුර ප්‍රතිකාර සඳහා වාට්ටු අංක 14 වෙත යොමු කර තිබෙනවා'' යැයිද කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් වූ ජීවිතහානි වලින්වත් ඉගෙනගෙන මේ අහිංසක දරුවාව බේරාගනිමු..
කෝ වනජීවී දෙපාර්තමේන්තුව? මොනවද ගන්න පියවර?
අවුරුද්දක් ගතවෙන්නත් පෙර කැලෑ විනාශ කරන්න පටන් අරන්... දැන් අලි මදිවට නරි.. පරිසරය රැකගන්න ලන්ච් ශීට්, බෝතල් කුප්පි වලින් පරිසරය ආරක්ෂා කරන්න යන්නේ.
රත්තරන් දූ පැටියාට ඉක්මන් සුවය අප සැවොම ප්‍රාර්ථනා කරමු.
ඔය ගම්වල කට්ටිය එකතුවෙලා නරි රංචු ඉවරයක්ම කරලා දාන්න බැරියැ.. නැතිනම් ඕක ඉවරයක් වෙන්නේ නැහැ. ආණ්ඩුව කරන දෙයක් නැහැ.
නරිනයිදෙට නිවන් සුව ලැබේවා..!!!
මේ නරියා බොහෝවිට ජල භීතිකාවෙන් පෙළුණු නරියෙක් විය හැක. මෙවැනි සතුන්ට වෙඩිතැබීම හැර වෙන දෙයක් කළ නොහැක. මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා මෙවැනි දෙයක් කිරීමට රජය පසුබට නොවිය යුතුයි.
විශ්වාස කළත්, නොකළත් පාර්ලිමේන්තුවේ නම් නරි නැහැ.
ඔය පළාත්වල තියෙන කටු පොල් වගාවන් විනාශ කරන්න. අධිවේගෙන් එන මොනරුන් කන්නයි නරි එන්නේ..
දැරිය ගැන අපගේ අනුකම්පාව හිමිවේ. එහෙත් නරියා මරා දැමීමට අයිතියක් කාටවත් නැති නිසා වැරැදිකාරයාට දඬුවම් කළ යුතුය. මේ රටේ ජනතාව මිනිසුන්ට වඩා සතුන්ට කරුණාව දක්වන බව අමතක නොකළ යුතුය.
කොහොම වුණත් මේ නරි රකින වෙලාවක් නොවේ. ජනතාව මේ ප්‍රශ්නයෙන් ගලවාගත යුතුමයි. කුඩා දරුවා ගැන ඉතාමත් දුකයි.
නරි නයිදේ ලබුකිරිබත් කන්න ගමට එන්න ඇති. රෙදි නැන්දාට අහුවුණානම් ගලේ ගහලා හොඳට අපුල්ලයි.