(ඉන්දිකා රාමනායක)
මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවය කළ තවත් සේවක සේවිකාවන් 125 ට ආසන්න පිරිසක් මෙතෙක් සෞඛ්‍ය අංශ හමුවට ඉදිරිපත් වී නොමැති බව අද (8) පෙරවරු වනවිට වාර්තා වී ඇතැයි හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මොවුන් තවදුරටත් ගම්වල රැඳී සිටින්නේ නම් මොහු සෙවීමට හමුදා බුද්ධි අංශ යොදවා ඇති බවද හමුදාපතිවරයා කියා සිටියේය.
මෙම සිද්ධිය ජාතික කර්තව්‍යක් ලෙස සළකා ලබා දී ඇති නියෝග අනුව පොලිසිය හමුවට ඉදිරිපත් වන ලෙසට හමුදාපතිවරයා ඉල්ලා සිටී.
සෞඛ්‍ය බලධාරීන් හමුවට මෙතෙක් ඉදිරිපත් නොවු මිනුවන්ගොඩ සේවික සේවිකාවන් හා ඔවුන්ගේ ආශි‍්‍රතයන් හට 0113456548 දරණ දුරකතන අංක ඔස්සේ තොරතුරු ලබා දෙන හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් කාලකණ්ණි සොයා එක ගොඩකට දමා බෙහෙත් නොදි සිර කරන්න ඕනෑ... මෙහෙම කරනවා නම්...
පාලන අධිකාරියට පියවර නොගන්නේ ඇයි? මේ ආයතනවලට සේවක සේවිකාවන් බඳවා ගන්නේ ග්‍රාමසේවක සහතිකයක්වත් නොබලාද? හරි නම් මානව සම්පත් අංශයේ තිබෙන පෞද්ගලික ලිපිගොනුවේ ග්‍රාමසේවක සහතිකයේ ඡායාපිටපතක් තියෙන්නම ඕනෑ. එහෙම නොකර ආයතනයකට මිනිස්සු වැඩට ගන්නවා කියන්නේ වරදක්...