(ඩී.ජී. සුගතපාල)
අතේ සිදුවු කැපුම් තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඊයේ කරාපිටිය රෝහලට ඇතුලත් කරන ලද ඉන්දීය ජාතික නැවියෙකුට කොරෝනා ආසාදනයවී ඇති බවට තහවුරුවිමෙන් පසු අද (07) සවස ඔහු කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගත් බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙම නැවියා ඊයේ ගොඩ බිමට පැමිණිමේදි අතේ තුවාලය සිදුව ඇති අතර එයට ප්‍රතිකාර ගැනිම සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත. එහිදී සිදු කරන ලද පී.සි.ආර්. පරික්ෂණයේදි ඔහුට කොරෝනා ආසාදනයවී ඇති බවට තහවුරුවී තිබේ.
නැවේ සේවය කරන ලද තවත් පස් දෙනෙක් සෞඛ්‍ය නිර්දේශ මත නිරෝධායනය කිරිමට පියවර ගන්නා බව අදාල නැව් සමාගම දන්වා ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ඕක නැති කෙනෙක් හොයන එක කලු නික හොයනවා වගේ. අර ඇඟලුම් කම්හලටත් ඔහෙන් වගේ ආවේ.