ගෙවල් කුලියට දෙනකොට බලාගෙනයි ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් විදේශිකයන් පරිගණක අපරාධ වලට සම්බන්ධ වීමේ ප්‍රවණතාව දිනෙන් දින වැඩිවෙමින් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එම්.යූ.වුට්ලර් මහතා මාධ්‍ය හමුවකදී අද (7) පැවසීය. 08 May 2026
රාජාංගනයේ සද්ධාරතන හිමි අත්අඩංගුවට යූ.ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් සමාජයේ මහත් ආන්දෝලනාත්මක වීඩියෝ පට නිකුත් කරන රාජාංගනය ශ්රද්ධාරතන නම් භික්ෂුව අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 08 May 2026
කේසර සහ කියාරා සිංහ යුවළගේ දරුවන් මහජන ප්‍රදර්ශනයට කේසර සහ කියාරා සිංහ යුවළට දාව 2025 දෙසැම්බර් 24 වැනි දා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ දී උපත ලැබු සිංහ පැටවුන් දෙදෙනා මහජන ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කර ඇති අතර දිනපතා උදෑසන 10 .00 සිට 11.30 දක්වා අවස්ථාව ලබා දී ඇත . 08 May 2026
මදුරන්කුලියේ මාරක අනතුරක් ගමන් ගනිමින් තිබු කන්ටේනර් ලොරි රථයක් මදුරන්කුලිය නගරයෙදී මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුමකට හානි කරමින් නැවති තිබියදී, පුත්තලම දෙසින් පැමිනි ගුවන් හමුදා ඩිපෙන්ඩර් රථයක් කන්ටේනර් රථයෙ ගැටි සිදුවන්නට ගිය මාරක අනතුර යාන්තමින් වැලකි ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි. 08 May 2026
වියට්නාම් ජනපතිට උණුසුම් පිළිගැනීමක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව මෙරට සංචාරයක නිරත වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී අද (08) පෙරවරුවේ පැවැත්විණ. 08 May 2026
කපිල චන්ද්‍රසේන සැකකටයුතු ලෙස මිය ගිහින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සිරුර ඔහුගේ නිවසේ උළුවස්සක එල්ලෙමින් තිබියදී සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි. 08 May 2026
ගල් අඟුරු කොමිසමට පළමු පැමිණිල්ල බාර දෙයි ලංකාවට ගල්අඟුරු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා හෝ නීති විරෝධී ක්‍රියා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර මහතා ඊයේ (7)පළමු පැමිණිල්ල ඉදිරිපත් කළේය. 08 May 2026
වියට්නාම් ජනපති අද පාර්ලිමේන්තුව අමතයි සමාජවාදී වියට්නාම් ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා අද (08) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අමතයි. 08 May 2026
මත නසන නීති කඩිනමින් ගේන්න නියෝග විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් තුරන් කර දැමීම සඳහා අවශ්‍ය නීති සංශෝධනය කිරීම ඇතුළු සියලු අංශවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 08 May 2026
මුරකරුවන් ගැටගසා කෝටියකට වැඩි දේපොළ පැහැරගෙන පුස්සැල්ලාව වැවලි සමාගමට අයත් කොස්ගම සාලාව වත්තට ගිනි අවියක් සහ තියුණු ආයුධ රැගෙන අද (08) අලුයම ඇතුලු වූ පුද්ගලයින් 06 දෙනෙකු විසින් එහි සිටි මුරකරුවන් දෙදෙනා ගැට ගසා වතු අධිකාරීවරයාට අයත් රුපියල් කෝටියකට වැඩි දේපල පැහැරගෙන ගොස් ඇතැයි කොස්ගම පොලිසිය පවසයි. 08 May 2026
’’හදිසිය’’ වැඩි ඡන්දයෙන් අනුමතයි මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය ( හදිසි තත්වය දීර්ඝ කිරීම) පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ වැඩි ඡන්ද 139කින් සම්මත විය. 07 May 2026
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙනසක් කළා ලෝක බැංකුවේ ප්‍රතිපාදනවලින් ක්‍රියාත්මක කරමින් සිටි අපදා කළමණාකරණය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියක රුපියල් මිලියන 30 ක මුදලක් ‘දිට්ටා’ සුළි කුණාටුවේ ආපදාවලට වන්දි ගෙවීමට එම බැංකුව දුන් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා අද (7) පැවසීය. 07 May 2026
ගල්කිස්ස පොලිසියේ මුදල් අවභාවිත කළ කොස්තාපල් දැලේ පොලිසියේ තිබු රුපියල් ලක්ෂ 35ක මුදලක් ගෙන අන්තර්ජාල ක්‍රීඩා කළැයි කියන ගල්කිස්ස මුලස්ථාන පොලිසියේ සේවය කළ කොස්තාපල්වරයකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට අනුයුක්ත මුල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. 07 May 2026
නාකොළගනේ වන විනාශය හමුවේ නිහඬ වූ බලධාරීන්ට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් නාකොළගනේ පුරාණ රජමහා විහාරය අවට පිහිටි වනාන්තර එළි පෙහෙළි කර වාණිජ වගාවන් සඳහා පුද්ගලික පාර්ශවයන්ට ලබාදීමට එම විහාරයේ විහාරාධිපති හිමියන් ගනු ලැබූ පියවර වැළැක්වීමට කටයුතු නොකිරීම මගින් වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සහ වයඹ පළාත් පරිසර අධිකාරිය එහි ප්‍රදේශවාසීන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩකර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. 07 May 2026
වාහන ‘නඩත්තු නියෝග’වලට පිටුපෑවොත් ‘බ්ලැක් ලිස්ට්’ කරනවා අධික ලෙස දුම පිටවන වාහන හඳුනාගෙන නිකුත් කරන ‘නඩත්තු නියෝග’වලට පසුව ද අදාළ නඩත්තු කටයුතු නොකරන සහ පරීක්ෂාව මඟහරින වාහන ‘අසාධු ලේඛනගත’ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අද (7) පැවසීය. 07 May 2026
බස් පර්මිට් 357ක් අතුරුදන් බස් රථ බලපත්‍ර (පර්මිට් ) 357 කට වෙච්ච දෙයක් නැතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය 07 May 2026
වියට්නාම් ජනපති අද රෑ එයි වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා නිල සංචාරයක් සඳහා අද (07) රාත්‍රියේ දිවයිනට ළඟා වීමට නියමිතය. 07 May 2026
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාලෝචන වාර්තාව සුව ඇමතිට මෙරට සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙරටට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමේ සමාලෝචන වාර්තාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාශය වෙත ඉදිරිපත් කරන කෙරිණි. 07 May 2026
මුදල් ලේකම්ට එරෙහිව දයාසිරි ගෙනා යෝජනාව විසිවෙයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීම සඳහා ගෙන ආ යෝජනාව බාර ගැනීම කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (7) ප්‍රතික්ෂේප කළේය. 07 May 2026
ව්‍යාජ ඩොලර් සමඟ විදේශිකයින් දෙන්නා මාට්ටු රුපියල් පහළොස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු ව්‍යාජ ඇමරිකන් ඩොලර් 5200ක් සමග විදේශිකයින් දෙදෙනකු උණවටුන සංචාරක පොලිස් කාර්යංශයේ නිලධාරින් විසින් ගාල්ල නගරයේදි අද දහවල් අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 07 May 2026
ලංකා - ඊශ්‍රායල් ගුවන් ගමන් ඇරැඹේ මැද පෙරදිග කලාපයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ශ්‍රී ලංකා ඊශ්‍රායල් ගුවන් සේවා යලිත් ක්‍රියාත්මක වී ඇති බැවින් එරට රැකියා සදහා පිටත්ව යන ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ට යලිත් රැකියා සදහා පිටත්ව යාමට අවස්ථාව හිමිව තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 07 May 2026
රටවල් හතළිහකට ලංකා වීසා නොමිලේ රටවල් හතළිහක් සඳහ වසරක කාලයකට නිදහස් ගමන් බලපත්‍ර ලබා දෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 May 2026
කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගන්නැයි නියෝග වත්තකින් අහුලාගත් දෙදෙනෙකු ඇප තැබීම සඳහා අධිකරණයට ඉදිරිපත් කර ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කළේ යැයි කියන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකකරු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අල්ලස් කොමිසමට අද නියෝග කළේය. 07 May 2026
වාහන ඔන්ලයින් ලියාපදිංචියට මොකද වුණේ අලුතින් වාහනයක් ගත්තාම මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ගන්න සති දෙක තුනක් බලාගෙන ඉන්න වෙන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 May 2026
චන්ද්‍රසේනගේ ඇප අවලංගු කරන්නැයි ඉල්ලයි වත්තකින් අහුලාගත් දෙදෙනෙකු ඇප තැබීම සඳහා අධිකරණයට ඉදිරිපත් කර ඇප කොන්දේසි සහ අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකකරුගේ ඇප අවලංගු කර නඩුව විභාග කර අවසාන වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම අද ඉල්ලා සිටියේය. 07 May 2026
දෙපිරිසක් අතර ගැටුමකින් අයෙක් මරුට පිටිගල හොරන්ගල්ල දෙපිරිසක් අතර අද(7)ඇතිවූ ගැටුමකින් එක් අයෙක් මරුමුවට පත්වී දෙදෙනෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව පිටිගල පොලීසිය කියයි. 07 May 2026
ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවලා ඉතිහාසයේ පළමුවරට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 ඉක්මවා තිබෙන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 May 2026
පාර්ලිමේන්තුවේ අද හවස විශේෂ පෙරහුරුවක් වියට්නාම ජනාධිපතිවරයා පිළිගැනීමට අදාළ උත්සවයේ පෙරහුරුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ පැවැත්වේ. 07 May 2026
ආහාර මිලත් වැඩි කරයි රයිස් සහ බුරියානි ඇතුළු එම ආහාර කාණ්ඩයට ඇතුළත් ආහාරවල මිල රුපියල් 25කින් ඉහළ දැමීමට තීරණය කළ බවත් නව මිල අද (7) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක කරන බවත් ආපනශාලා හිමියන්ගේ සංගමය අද පෙරවරුවේ පැවසීය. 07 May 2026
ලාෆ් ගෑස් රුපියල් 545 කින් ඉහළට ලාෆ් ගෘහස්ථ ගෑස් මිල ඊයෙ(6) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 545 කින් ඉහළ දමා තිබේ. 07 May 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026