සජබෙන් කතානායකට යෝජනාවක් විධායකය අධිකරණයට කරනු ලබන බව කියන අතපෙවීම් හෙළා දැකීම සදහා සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ඉල්ලා යෝජනාවක් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට කතානායක කාර්යාලයේදී අද (6) බාර දුන්හ. 06 May 2026
උසස් අධ්‍යාපනයටත් දැවැන්ත වෙනසක් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්‍ර වල සිදුවන නව ප්‍රතිසංස්කරණ වලට අනුගත වෙමින් උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ද අදාල වෙනස්කම් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී අද(6) ප්‍රකාශ කළාය. 06 May 2026
කොත්මලේ ජලාශයේ මඩ සොරොව්ව අරී කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ මඩ සොරොව්ව විනාඩි 30ක පමණ කාලයක් විවෘත කළ බව එම ජලාශ කාර්යභාර ඉංජිනේරුවරයා පැවසීය. 06 May 2026
ජනපති වෙනුවෙන් මැතිසබයට ලොක්කෙක් ජනාධිපති අතිරේක ලේකම්වරයකු වන කේ.එන්.එම් කුමාරසිංහ මහතා ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ නිලධාරි ලෙස පත් කරනු ලැබ සිටී. 06 May 2026
ජනපති අරමුදලට තවත් ලොකු සවියක් ලැබෙයි වයස අවුරදු 18ට අඩු දරුවන්ට ලැබෙන සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනම සුවිශේෂී සහයෝගීතාවකට එළැඹීම අද (06) සිදු විය. 06 May 2026
ලිට්රෝ ගෑස් මිල වෙනස් නොවේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (මැයි) සංශෝධනය නොකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පැවසීය. 06 May 2026
‘‘හොන්ඩියස්’‘ නෞකාවට හන්තා වයිරසය බෝ කළේ මීයන්? හන්තා වයිරස් (Hantavirus) ව්‍යාප්තියක් හේතුවෙන් ආසාදිතයන් වාර්තා වී ඇති ‘එම්වී හොන්ඩියස්’ (MV Hondius) සුඛෝපභෝගී නෞකාවට ස්පාඤ්ඤයට අයත් කැනරි දූපත් වෙත ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන බව එම කලාපයේ සභාපති ප්‍රනාන්දු ක්ලැවිජෝ (Fernando Clavijo) පසුගිය බදාදා තහවුරු කළේය. 06 May 2026
උඩරට දුම්රිය මාර්ගයේ වැඩ අවසන් අධියරේ දිට්වා සුළි කුණාටුවත් සමග ඇති වූ ගංවතුරින් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන 97න් 92ක් මේ වනවිට යථා තත්වයට කර ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. 06 May 2026
විපක්ෂයේ ඇතැම් පක්ෂ පුනරුත්ථාපනය කරන්න වෙලා විපක්ෂයේ සමහර පක්ෂත් අද පුනරුත්ථාපනය කරන මට්ටමකට ඇද වැටී තිබෙන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 May 2026
12 සිසුවකුට නරක වැඩක් කළ සිසුන් දෙදෙනකු අල්ලයි නව ගත්තේගම මහමැද්දාව වැව මංකඩහි දිය නාමින් සිටි 12 හැවිරිදි සිසුවකුගේ ගුද මාර්ගයට බලහත්කාරයෙන් පාසි හා නෙළුම් දණ්ඩක් ඇතුළු කළ බව කියන සිසුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය පවසයි. 06 May 2026
‘‘රංගගේ මරණය සැකයි කීවේ සාක්කි ඇතිවයි‘‘ මරණයට පත්වූ මහා භාණ්ඩාගාරයේ හිටපු නිලධාරී රංග රාජපක්ෂ මහතාගේ මරණ සැක සහිත යැයි ඔහුගේ බිරිඳ පවසා ඇතැයි ප්‍රකාශ කළේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ ලිපියක් පදනම් කරගෙන බවත් ඒ පිළිබඳව ප්‍රකාශයක් දීමට සක්ෂි සහිතව කුලියාපිටිය පොලිසියට ලබන 9 වැනි දා යන බවත් පිවිතුරු හෙළඋරුමය පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (6) පැවසීය. 06 May 2026
පොලිසිය බාරයේ තිබූ යතුරු පැදිය දෙන්න කතකගෙන් 4000ක අල්ලසක් අරන් කුරුණෑගල පොලිසිය භාරයේ තිබූ යතුරු පැදියක් නිදහස් කර ගැනීිමට පැමිණි කාන්තාවකගෙන් රුපියල් 4000 මුදලක් ලබා ගත් බව කියන කුරුණෑගල පොලිසියේ සංචාරක අංශයේ රාජකාරි කරනු ලබන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි. 06 May 2026
හොර දොස්තරයෙක් පොලොන්නරුවේදී මාට්ටු අපරාධ රැසකට සම්බන්ධ කියන හොර වෛද්‍යවරයකු පොළොන්නරුවේදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි. 06 May 2026
ආණ්ඩුවේ හැසිරීම අපට සැකයි භාණ්ඩාගාරයේ මුදල් අතුරුදන් වීමේ සිද්ධිය ගැන විපක්ෂය විවාදයක් ඉල්ලූ විට ආණ්ඩුව එය නොදී කර ඇරීම සැක සහිත බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 May 2026
රුමේනියා රජය බිඳ වැටේ රුමේනියා රජය බිඳ වැටුණි. ඒ, එරට අග්‍රාමාත්‍ය ඉලී බොපෝජන් ප්රමුඛ යුරෝපා හිතවාදී රජය විශ්වාසභංගයකින් පරාජය වීමෙනි. රුමේනියාව යුරෝපා රාජ්‍යයකි. 06 May 2026
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය. 06 May 2026
ට්‍රම්ප් ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ තාවකාලිකව හකුලා ගනී ඉරානය සමඟ ඇති කර ගැනීමට අපේක්ෂිත එකඟතාවයකට අවස්ථාවක් ලබා දීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ අරමුණින් දියත් කළ ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත. 06 May 2026
මාලදිවයින ජනපති පිටත්ව යයි මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිෂු මහතා සිය සිව් දින ශ්‍රී ලංකා නිල සංචාරය නිමා කර අද(06) උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින මාළේ නුවර බලා පිටත්ව ගියේය . 06 May 2026
යකඩ කපන ග්‍රයින්ඩරයට අයෙක් බිලි යකඩ කපන ග්‍රයින්ඩරයකට බෙල්ල තුවාල වී සිදු වූ අනතුරකින් කටුගස්තොට , මාවිල්මඩට ප්‍රදේශයේ 66 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති බව පොලිසිය කියයි. 06 May 2026
අලුත් විගණන නිලධාරීහු රහස් දිවුරුම දෙති විගණන සේවා කොමිෂන් සභාවට පත් කරන ලද නව සාමාජිකයෝ සිවු දෙනෙක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී රහස්‍යතාව පිළිබඳ දිවුරුම ලබා දුන්හ. 06 May 2026
පාසල් බස්-වෑන් ප්‍රවාහන ගාස්තු වැඩි වෙයි ඉන්ධන මිල ඉහළයාමත් සමඟ පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් සහ වෑන් ඇතුලු වාහන වල ගාස්තු මැයි මාසයේ සිට 12%කින් වැඩි කිරිමට තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 06 May 2026
රාජකාරි වැඩියි කියා පොතේ ලියා පීසී ගෙදර ගිහින් රාජකාරි බහුල බැවින් මානසික පීඩනයකට පත්ව ඇති බවට ලිපියක් ලියා තබා පයාගල පොලිස් ස්ථානයේ කොස්තාපල් වරයෙකු පිටවගොස් ඇති බව පයාගල පොලිසියෙන් වාර්තාවේ. 06 May 2026
අද වැස්ස වැඩි වේ අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ බලපෑම සහ ඒ ආශ්රිත දිවයින ආසන්නයේ පහළ වායු ගෝලය කැලඹිල් ස්වභාවයක් වර්ධන විය හැකියාවක් පවතින බැවැන් අද සිට ඉදිරි දින කීපයේ දිවයිනේ වැසි තත්වයේ වැඩි විමක් බලා පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 May 2026
නව රේගු අධ්යක්ෂ ජනරාල් විමල් ලියනගේ ශ්‍රී ලංකා රේගු අධ්යක්ෂ ජනරාල් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන විමල් එස්. කේ. ලියනගම මහතා පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. 06 May 2026
බෙංගාල මහ ඇමැති පරාජය බාර ගන්නේ නෑ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණයෙන් පරාජයට පත් මහ ඇමැතිනී මමතා බැනර්ජි සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇත. මමතා බැනර්ජි නායකත්වය දෙන්නේ තෘණමූල කොංග්රස් පක්ෂයටය. සිවුවතාවක් අඛණ්ඩව බලයේ සිටි තෘණමූල කොංග්රස් පක්ෂය මෙවර භාරතීය ජනතා පක්ෂය හමුවේ පරාජය විය. 06 May 2026
විජේගෙන් කොංග්රස් පක්ෂයට ඇරයුමක් තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කරගත් තමිළග වෙට්ට්‍රි කසාගම් පක්ෂය සහ එහි නායක ජනප්‍රිය රංගන ශිල්පී තලපති විජේ රජයක් පිහිටුවීමට තමිල්නාඩු කොංග්රස් පක්ෂයේ සහාය ඉල්ලා ඇත. 06 May 2026
‘‘2027 හය වසරටත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා‘‘ 2026 වසරේ පළමු ශ්‍රේණියට ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතින බවත්, 2027 වසරේ 6 වන ශ්‍රේණියට ද එය හඳුන්වා දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 05 May 2026
හිටපු නි.පොලිස්පතිගේ ඉඩමෙන් ගිනි අවි-පතුරොම් මතුවෙයි පුත්තලම හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකුට අයත් යැයි පැවසෙන අට්ටවිල්ලුව ප්‍රදේශයෙ ඉඩමක තිබී ගිනි අවි පතොරම් හා දිවියකුගේ සමකින් සකසන අනුරුවක් හා තිත් මුව සමක් ඇතුළු දේ අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 05 May 2026
තිදරු පියාගේ සිරුර පාළු තැනකින් හමුවෙයි අභිරහස් ලෙස මරණයට පත්වු තිදරු පියකුගේ සිරුරක් පුත්තලම කිවුල ප්‍රදේශයේ පාළු මංසන්දියක තිබි හමුවු බව පුත්තලම මුලස්ථාන පොලිසිය පැවසිය. 05 May 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026