
ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය.
ඇමෙරිකා ඉරාන යුද්ධය සම්බන්ධයෙන්, චීන රජයේ ඉහළ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම ඉරාන විදේශ අමාත්‍යවරයාගේ අරමුණ යැයි පැවැසෙයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීන විදේශ කටයුතු අමාත්‍ය වැංග් ඊ සමඟ දෙරට අතර සබඳතා, කලාපීය තත්ත්වයන් සහ ගෝලීය උපායමාර්ගික ගැටලු පිළිබඳව සාකච්ඡා කළේය.
මැදපෙරදිග යුද්ධයේ උණුසුම සහ විශේෂයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වටා ගොඩ නැගී ඇති ආරක්ෂක සහ දේශපාලනික අවදානම හමුවේ ලෝක තෙල් සැපයුම් මාර්ගයන්ට බලපෑම් එල්ල වී ඇති මොහොතක ඉරාන විදේශ අමාත්‍යවරයා චීනයේ සංචාරය කිරීම මේ වනවිට කාගේත් අවධානයට ලක් වී ඇත.
ඉරානය සහ චීනය අතර සමීප මිතුදම් පවතී. ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවා තිබියදී පවා, ඉරානය සමග දිගින් දිගටම ගනුදෙනු කරන රාජ්‍යයක් වන්නේ චීනයයි. ඉරානය හෝමූස් අවහිර කළ අවස්ථාවේ පවා චීනයට අයිති තෙල් සහ භාණඩ නෞකාව හෝමූස් හරහා කිසිදු බාධාවකින් තොරව යාත්‍රා කිරීමට ඉඩ දී තිබුණි.
මෙම මැයි මාසයේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට ගොස් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට නියමිතය. ඊට අදාළ කටයුතු සූදානම් වෙමින් පවතී. එවැනි පරිසරයක් තුළ වීම හා බීජිං නගරය මේ වනවිට ගෝලීය රාජතාන්ත්‍රික කේන්ද්‍රස්ථානයක් බවට ලෝකයේම අවධානය දිනා සිටින මොහොතක වීම තවත් විශේෂත්වයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd