
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයේ සමහර පක්ෂත් අද පුනරුත්ථාපනය කරන මට්ටමකට ඇද වැටී තිබෙන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අප රටේ ව්‍යාපාර පහුගිය කාලයේ විවිධ හේතු නිසා දිගටම ඇද වැටුනා.ඇද වැටෙන ව්‍යාපාර නැවත ගොඩ ගැනීමට සහ ඒ අසමත් ව්‍යාපාර වේගවත් සහ කාර්යක්ෂම ලෙස ගොඩනැගීම සඳහා මේ පනත් අපට වැදගත් වෙනවා. ව්‍යාපාර සමහර වෙලාවට බංකොලොත් වන්නේ ඒ ව්‍යාපාරවල සාධක නිසාම නොවේ.වෙනත් බාහිර සාධක නිසාත් ඔහුට මේ ව්‍යාපාරය කරගෙන යන්න බැරි වෙනවා.මේ තත්ත්වයෙන් ගැලවී ව්‍යාපාරය ඉදිරියට කරගෙන යන්න අප අවස්ථාවක් සඳහා දිය යුතුයි.එහෙම නැත්නම් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න අවස්ථාව දිය යුතුයි.මේ සඳහා අවස්ථා බොහෝ විට අප රටේ සීමා කර තිබෙනවා.අපේ රටේ ව්‍යාපාරිකයන් බංකොලොත් වීම, වස්තු භංගත්වයට පත්වීම යන කාරණය සැලකීමට ගෙන අද සාකච්ඡා කරන පණතේ වගන්ති සමග අනාගත ව්‍යාපාරිකයන්ට පහසුවෙන් ව්‍යාපාර කරගෙන යන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන සකසා දීමට මේ පනත ඉදිරිපත් කර තිබෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාගේ බැරිකමට විපක්ෂය හෝ ජනතාව මොනවා කරන්නද? අවුරුදු 2ක පමණ කාලයක් ගියත් එකම විදේශීය ආයෝජනයක් දිනාගැනීමට පුළුවන් වුණාද? කියවීම පමණක් තුළින් රජයක් ඉදිරියට ගෙන යා නොහැකියි..
විපක්ෂයට කිව්වට තමුන්ලා නම් පුනරුත්ථාපනය කරලාවත් හදන්න පුළුවන් සත්ව කොට්ටාශයක් නෙමෙයි... ඒක තමයි ඇත්ත.
අපිට නම් පෙනෙන්නේ ආණ්ඩු පක්ෂය පුනරුත්ථාපනය නොවෙයි, පන්නලා දාන්න කාලේ හරි කියලා...