(ටී.කේ.ජී.කපිල සහ අංජුල මහික වීරරත්න )

 මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිෂු  මහතා  සිය සිව් දින ශ්‍රී ලංකා නිල සංචාරය නිමා කර අද(06)  උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින මාළේ නුවර බලා පිටත්ව ගියේය .

එහිදී ඔහු  සමග පැමිණි ජනාධිපති ආර්යාව මෙන්ම 20 දෙනෙකුගෙන් සමන්විත  එරට දූත පිරිස ද පිටත්ව ගියහ .

 ඔවුන් අද  උදෑසන 07.43 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් මාළදිවයින මාළේ නුවර බලා පිටත්ව ගොස් තිබුණි .