
ඉරානය සමඟ ඇති කර ගැනීමට අපේක්ෂිත එකඟතාවයකට අවස්ථාවක් ලබා දීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ අරමුණින් දියත් කළ ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.
එසේ වුවත්, හෝමූස් සමුද්‍ර සන්ධිය පිවිසුමෙන් අවහිර කරමින් ජනපති ට්‍රම්ප් ඇමෙරිකන් නාවික හමුදාව යොදවා කළ අවහිර කිරීම එලෙසම පවතිනු ඇතැයි ද ට්‍රම්ප් අවධාරණය කර ඇත. ට්‍රම්ප් ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ මෙහෙයුම ආරම්භ කළේ හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉහළට ගොස් ඉරානයේ බාධා කිරීම් මධ්‍යයේ හිරවී ඇති නෞකා මුදා ගැනීමටය.
‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ මෙහෙයුම ආරම්භ කරනවා යැයි කී සැණින්, ඉරානය එමිරේට්ස් රාජ්‍යයේ වරායකට සහ තෙල් ගබඩා සංකීර්ණයකට ඉරාන හමුදාව ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළේය. ඇමෙරිකන් සහ ඉරාන හමුදා අතරේ වෙඩි හුවමාරු ද සිදුවිය. ඉරානය එමිරේට්ස් රාජ්‍යයට එල්ල කළ ප්‍රහාර ඉන්දියාව ඇතුළු රටවල් රැසක විරෝධයට පවා හේතු විය.
ඇමෙරිකා ඉරාන යුද්ධය නැවැත්වීමට සාම මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ පාකිස්තානයයි. මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප් ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීම කළේ ඇමෙරිකාව සහ ඉරානය අතරේ සටන් විරාමයට සහ සාම සැලැස්මට එය බාධාවක් එල්ල වීමට ඉඩ ඇතැයි පවසමිණි.
“ඉරානය එක්ක ගිවිසුම අවසන් කර අත්සන් කළ හැකිදැයි බැලීමට අප කෙටි කාලයකට මෙහෙයුම නවතා දැමීමට තීරණය කළා’ යැයි ට්‍රම්ප් සිය ටෲත් සෝෂල් ගිණුම ඔස්සේ පැහැදිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් නේද ට්‍රම්ප් මෙහෙම නාගනී කියලා හිතුවේ නෑ.