(අජිත්ලාල් ශාන්තඋදය)
ඉන්ධන මිල ඉහළයාමත් සමඟ පාසල් ළමයින් ප්රවාහනය කරන බස් සහ වෑන් ඇතුලු වාහන වල ගාස්තු මැයි මාසයේ සිට 12%කින් වැඩි කිරිමට තීරණය කළ බව සමස්ත ලංකා අන්තර් දිස්ත්රික් පාසල් ළමුන් ප්රවාහන සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම සංගමයේ ලේකම් වසන්ත ඉංගකෝන් මහතා සිය සාමාජිකයින් වෙත් ද මේ බව ලිඛිතව දන්වා ඇති අතර මගී ප්රවාහන සේවා ගාස්තු 12.5%කින් වැඩි කිරිමට රජය අනුමැතිය දි ඇතත් තම සංගමයේ පාසල් ළමයින් ප්රවාහනය කරන බස් සහ වැන් ඇතුලු වාහන වලින් 12%ක් පමණක් අය කිරිමට තීරණය කළ බවද එම ලිපියේ දැක්වේ.
මාස කිහිපයක් තුල ඉන්ධන මිල රැපියල් 105කින් ඉහළ ගියද පාසල් ළමයින් ප්රවාහන ගාස්තු ඉහළ නොදැමු බවද ලේකම්වරයා කියයි. ටයර්, ලිහිසිතෙල්, බැටරි, වාහන සේවා ගාස්තු, අමතර කොටස්, වාහන අලුත්වැඩියා ගාස්තු, රියදුරු සහ සහායක වැටුප් ඉන්ධන මිල ඉහළයාමත් සමග වැඩිවි ඇති බවද සදහන් කරයි.
වැඩිකළ මුදලට පරිබාහිරව යම් මුදලක් ලබා ගන්නේ නම් සමංගය ඊට වග නොකියන බවද සමස්ත ලංකා අන්තර් දිස්ත්රික් පාසල් ළමුන් ප්රවාහන සේවා සංගමයේ ලේකම්වරයා සිය සාමාජිකයන්ට දැනුම්දුන් ලිපියේ දැක්වේ.
ලංකාවේ සැම දිස්ත්රික්කයම සමස්ත ලංකා අන්තර් දිස්ත්රික් පාසල් ළමුන් ප්රවාහන සේවා සංගමයේ සාමාජිකයින් සිටින අතර සංගමයේ සාමාජික සංඛාය තිස් පන්දහකට ආසන්න වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd