කොස්ගම වෙඩිතැබීමක් කොස්ගම බොරලුගොඩ කනිටු විදුහල අසලදී අද(03) සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලද පුද්ගලයෙකු රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 03 December 2025
වින්ග් කමාන්ඩාර් නිර්මාල්ගේ උපාධි ලෝගුව දේහයට පළඳවයි ගංවතුරින් අවතැන් වූවන්ට සහන සලසමින් සිටියදී කාර්මික දෝෂයක් හේතුවෙන් හෙළිකොප්ටර් යානය වෙන්නප්පුව ලුණුවිල ගංඔයට කඩාවැටීමෙන් සිදු වූ අනතුරින් මියගිය වින්ග් කමාන්ඩාර් නිර්මාල් සියඹලාපිටිය මහතා අද දින ලබා ගැනීමට නියමිතව තිබූ පශ්චාත් උපාධි සහතිකය සහ රතු ලෝගුව කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා ඔහුගේ දේහය මත තැන්පත් කළේය. 03 December 2025
සරසවි සිසුන්ට මහපොළ තවත් වාරිකයක් විශ්වවිද්‍යාල සිසුන්ට හෙට (5) තවත් මහපොළ වාරිකයක් ගෙවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි 03 December 2025
ඔන්මැක්ස් ඩී.ටී අධ්‍යක්ෂකවරුන් සිව්දෙනකුට අධිකරණ නියෝගයක් ජනතා මුදල් රුපියල් කෝටි 2000 කට අධික මුදලක් වංචා කර ඇතැයි කියන ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂකවරුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා රහස් පොලිසියට නියෝග කළේය. 03 December 2025
අධික මිලකට එළවළු අලෙවි කළ 7ක් අල්ලයි අධික වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හමුවේ ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටින අවස්ථාවක පාරිභෝගිකයින් මුලාවට පත් කරමින් , මිළ ප්‍රදර්ශනය නොකොට අධික මිලකට එළවලු අලෙවි කළ වෙළඳුන් හත් දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි. 03 December 2025
බංග්ලාදේශයත් ලංකාවට ආධාර කරයි ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් බංග්ලාදේශයේ සහනාධාර රැගත් එරට ගුවන් හමුදාවේ C-130 ගුවන් යානය අද (03) පස්වරුවේ පමණ මෙරටට ළගා විය. 03 December 2025
පැලවත්තට පවරාගෙන ඇති බලය පාර්ලිමේන්තුවට දෙන්න පැලවත්තෙන් බලය ඉවත් කර නැවත පාර්ලිමේන්තුවට බලය පැවරීම සඳහා ජනාධිපතිවරයා වහා ක්‍රියා කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් අමතමින් අද(3) ප්‍රකාශ කළේය. 03 December 2025
නුවරඑළියට ළඟා විය හැකි පාරවල් මෙන්න නුවරඑළියට නගරයට පිවිසිය හැකි විකල්ප මාර්ග රැසක් ගමනාගමනය සඳහා මේ වනවිට විවෘත කිරීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ නිශාන්ත බණ්ඩාර මහතා පැවසීය. 03 December 2025
මහනුවරට සියයට 50කට වතුර යථා තත්වයට දින ගණනාවක් පුරා අඩපණව පැවැති මහනුවර නගර සීමාව ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජල සැපයුම 50% කින් පමණ නැවත යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. 03 December 2025
උඩරට දුම්රිය මාර්ගය හදන්න මාස දෙකක් ආපදාවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගය සාදා නිම කිරීමට මාස දෙකක් පමණ යා හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 03 December 2025
දහම් පාසල් විභාග කල් යයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් 6 - 10 ශ්‍රේණි විභාගය කල් දැමූ බව අතිරේක බෞද්ධ කටයුතු කොමසාරිස් සුජානි මහේෂා සිල්වා මහත්මිය පවසයි. 03 December 2025
කඳු පරීක්ෂාවට විශේෂඥ කණ්ඩායම් මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල කඳුවල සහ ඒ ආශ්රිත ගම්මාන වල පදිංචිය ආරක්ෂිතදැයි තහවුරු කර ගැනීමට අද සිට විශේෂඥ කණ්ඩායම් යොමු කරන බව ප්‍රවාහන අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවසීය 03 December 2025
ජල යෝජනා ක්‍රම 150 ක් ආපදාවට ලක්වෙයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ක්‍රියාත්මක කරන ජල යෝජනා ක්‍රම 342 න් ජල යෝජනා ක්‍රම 150 ක් ආපදාවට පත්ව ඇති බවත් ඉන් ජල යෝජනා ක්‍රම 17 ක් සම්පූර්ණයෙන්ම හානිවී ඇති බවත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය. 03 December 2025
අරාබියේ හතර වැනි ආධාර යානයත් එයි ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට අඛණ්ඩ සහාය පළ කරමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය සහනාධාර රැගත් සිව්වන ගුවන් යානය අද (03) පස්වරුවේ මෙරටට ළගා විය. 03 December 2025
මඟහැරුණු ලංගම ආසනයට වෙනත් ආසනයක් ගන්න ’’දිට්වා’’ සුළි කුණාටුවෙන් වූ ව්‍යසනකාරී තත්වය හමුවේ මාර්ග අවහිර වීමෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථවල කලින් ආසන වෙන්කරගත් මගීන් 15,000 ක් සිටින බවත් ඔවුන් වෙන්කරගත් එම ආසන වෙනුවෙන් කැමති වෙනත් දිනයක ආසන ගැනීමේ හැකියාව පවතින බවත් එම මණ්ඩලයේ ආසන වෙන්කිරිමේ සේවාව සිදුකරන ආයතනය පැවසීය. 03 December 2025
පොලිස් විශේෂ කාර්ය බළකායට චීනෙන් පරිත්‍යාග අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ට සහ ජනතාවට සහන සැලසීම සදහා රුපියල් ලක්ෂ 45 ක වටිනාකමකින් වියළි සලාක සහ චෙක්පතක් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත චීන වෙළෙද එකමුතුව අද (3) පරිත්‍යාග කළේය. 03 December 2025
ඊළඟ සති හතරේ බිලියන 50ක් වියදම් කරන්න සල්ලි තියෙනවා ඊළඟ සති හතරේ බිලියන පනහක් පමණ ආණ්ඩුවට වියදම් කරන්න මුදල් තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා:-(ස.ජ.බ)පාර්ලිමේන්තුවේ දී පැවසීය. 03 December 2025
ට්‍රම්ප්ගේ සාම ගිවිසුම පුටින් විසි කරයි යුක්රේන - රුසියා යුද්ධය අවසන් කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් සකස් කළ සාම ගිවිසුම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පසුගියදා ප්‍රතික්ෂේප කළේය. 03 December 2025
ආණ්ඩුව හදිසි නීතියෙන් මාධ්‍ය නිදහස උදුරන්න හදනවා ආණ්ඩුව හදිසි නීතිය පාවිච්චි කර කතා කිරීමේ සහ මාධ්‍ය නිදහස යටපත් කරන්න උත්සාහ කරන බවකොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 03 December 2025
බිඳ වැටුණු කර්මාන්ත ගැන කියන්න දුරකථන අංකයක් ’දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට ලක් වූ කර්මාන්ත පිළිබඳ දත්ත රැස්කර කර්මාන්ත නැවත නඟා සිටුවීමේ වැඩ පිළිවෙලක් අරඹා ඇතැයි කර්මාන්ත අමාත්‍යාංශය කියයි. 03 December 2025
පැවැති චක්‍රලේඛ අභිබවා සහන දෙනවා මෙතෙක් පැවති චක්‍රලේඛ අභිබවා ගොස් ජනතාවට උපරිම සහන ලබාදීමට මැදිහත් වන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. 03 December 2025
ආපදා වූ හැම තැනටම සහන කණ්ඩායම් ළඟා වෙලා රටේ අපදාවට පත් වූ හැම තැනකටම මේ වන විට රජයේ සහන කණ්ඩායම් ළඟා වී තිබෙන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල්(විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 December 2025
කොටස් වෙළඳපොල හොරුන්ට වැට බදියි කොටස් වෙළඳපොලේ මුදල් ආයෝජනය කර ප්රතිලාභ ලබා දෙන බවට අඟවන ව්‍යාජ පෝස්ට් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ උඩුගත කර මුදල් වංචා කිරීමට තැත් කළ සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් . බෝදරගම මහතා රහස් පොලිසියට නියෝග කළේය. 03 December 2025
කැරට් වැඩි මිලට වික්කාට නඩු වැටෙයි කැරට් කිලෝවක් රුපියල් 3500ට අලෙවි කළ ව්‍යාපාරිකයකුට එරෙහිව නඩු පැවැරූ බව පාරිභෝගික අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි. 03 December 2025
දුප්පත්කම දෙගුණයකින් වැඩි වෙලා ලෝක බැංකුවේ නවතම දත්ත වාර්තා අනුව මෙරට දුප්පත්කමින් පෙළෙන ජනතාව පසුගිය වසර 5 තුළ දෙගුණයකටත් වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ලෝක බැංකු කළමණාකරු ගෙවෝර්ග් සාර්ගසියාන් මහතා පසුගියදා පැවැති ආර්ථික සමුළුවක් අමතමින් ප්‍රකාශ කළේය. 03 December 2025
ආපදා වෙලාවේ බිළිඳුන්ට මව්කිරි විතරක් දෙන්න ආපදා තත්වයේදීත් දිගටම දරුවන්ට මවුකිරි දෙන්නැයි ද පිටිකිරි ලබාදීම සඳහා මව්වරු පෙළඹවීම සිදු කරන්න එපා යැයි ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්යක්ෂ ,පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා ඉල්ලා සිටී. 03 December 2025
ජල පවිත්රාගාර පිරිසිදු කරන්න නාවික කිමිදුම් සහය ගංවතුරෙන් ආපදාවට පත් ජල පවිත්රාගාර වල දිය යට නඩත්තු කටයුතු සඳහා නාවික හමුදා කිමිදුම් සහය ලබා දී තිබේ. 03 December 2025
තබ්බෝව මහ පාළම තාවකාලික පාලමක් මහ වැසි සමඟ කඩාගෙන ගිය තබ්බෝව මහ පාළම මත තාවකාලික යකඩ පාළමක් යොදා ගමනා ගමන කටයුතු වලට කඩිනමින් ඉදිකරමින් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරීය පවසයි. 03 December 2025
පුත්තලමේ පවුල් 90,443 ක් අවතැන් ගංවතුර හා ජල ගැලිම් හේතුවෙන් අද (03) වන විට පවුල් 90,443 ක 32,8050 අවතැන්ව පුද්ගලයින් 29 දෙනෙකු අවාසනාවන්ත ලෙස මරණයට පත්වි ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.අයි.එම් සිල්වා මහතා පවසයි. 03 December 2025
රහංගල කන්ද නාය අවදානමක වැලිමඩ රහංගල කන්ද ඉරිතලා පුපුරා ගොස් නායයාමේ අවදානමක ඇති හෙයින් බොරලන්ද රහංගල,හීන්නාරංගොල්ල ග්‍රාම සේවා වසම් වලට අනතුරුදායක තත්ත්වයක් උදා වී ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (3) පැවසීය . 03 December 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026