
(අංජුල මහික වීරරත්න)
ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට අඛණ්ඩ සහාය පළ කරමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය සහනාධාර රැගත් සිව්වන ගුවන් යානය අද (03) පස්වරුවේ මෙරටට ළගා විය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් C-17A යනායකින් මෙරටට රැගෙන ආ එම සහනාධාර ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් ශෂින්ද්‍ර විජේසිරිවර්ධන මහතා විසින් නිල වශයෙන් බාර ගනු ලැබීය.
විපතට පත් ප්‍රදේශවල අඛණ්ඩ සෙවීම්, ගලවා ගැනීමේ සහ ප්‍රතිසාධන මෙහෙයුම් ශක්තිමත් කිරීම අරමුණු කරගත් ආහාර, සහන මළු, ගලවා ගැනීමේ රථ මෙම ආධාර තොගයට ඇතුළත් වේ.
මෙම අසීරු අවස්ථාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කඩිනම් සහාය ශ්‍රී ලංකාව කෘතවේදීව අගය කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔය අරාබියෙන් පිනට ලැබෙන ආධාර වලට "හලාල්" කියලා මොරදෙන්න පින්ගුත්තරයෝ නැද්ද? පිනට කාලා බඩ පිරෙද්දී, ඕවා සිංහල ජාතිය වඳ කරන්න එවපු ආහාර කියලා තප්පුලයිද දන්නේ නැහැ... පහුගිය දින ටිකේත් නටාගෙන ආවා නාඩගමක්, සුළි සුළඟට ගහගෙන ගියා ඔක්කෝම...ඒ ශාප තමයි මේ මහපොළොවට කඩාගෙන වැටුනේ..
සුනාමි ව්‍යවසනයෙන් පස්සේ සිදුවුණා වගේ හොරකමක් ගසා කෑමක් වෙන්නේ නැති බව පෙනෙන්න තියෙන නිසා මුළු ලෝකයම නිර්ලෝභීව උදව් කරනවා වගෙයි පෙනෙන්නේ...