
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජයරත්න වික්‍රමාරච්චි )
මහ වැසි සමඟ කඩාගෙන ගිය තබ්බෝව මහ පාළම මත තාවකාලික යකඩ පාළමක් යොදා ගමනා ගමන කටයුතු වලට කඩිනමින් ඉදිකරමින් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරීය පවසයි.
පුත්තලම අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තබ්බෝව ජලාශය මැදින් මු මාර්ගයෙ පිහිටි මෙම දැවැන්ත පාලම පසුගිය 29 දින කඩා ගෙන ගොස් තිබුනේ ඉහල ජලධාරා ප්‍රාදේශ වලින් ගලා ආ දැවැන්ත ජල කද හේතුවෙන් බව කියයි.
එලෙස තබ්බෝව පාලම කැඩි යාමත් සමග පුත්තලම අනුරාධපුර මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් නැවති තිබේ.
කෙසේ වෙතත් කැඩි ගිය පාලම මත මාර්ග සංවර්ධන අධිකාරියෙ පාලම් ඒකකය මගින් දැවැන්ත යකඩ පාලමක් යොදා ගනිමින් එහි මේ වන විට අදාල ඉදිකිරීම් කරගෙන යාම දැක ගත හැකිය.
අදාල පාලම ඉදිකිරීමට සතියකට වැඩි කාලයක් ගත වුවත් යුධ හමුදාවේ තබ්බෝව කදවුරු නිළධාරින් හා මාර්ග සංවර්ධන සංවර්ධන අධිකාරියේ සේවකයින්ගේ සහයෙන් මේ වන විට පාලම ඉදි වෙමින් ඇති අතර දින තුනක් තුලදි මෙම පාලම ඉදිකර අවසන් කිරීමට කටයුතු කරන බව යුද හමුදාව පවසයි.

(ඡායා ජයරත්න වික්‍රමාරච්චි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඔබ ගැන ආඩම්බරයි..!
අතන මෙතන කොතන ගියත් උදව්වට ඉන්නේ හමුදාවයි.