
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඊළඟ සති හතරේ බිලියන පනහක් පමණ ආණ්ඩුවට වියදම් කරන්න මුදල් තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
2025 අයවැයේ වියදම් කරගන්න නොහැකිව ඉතිරි වූ මුදල් තිබෙනවා.හදිසි අවශ්‍යතාවයන් සහ නිවාස ගෙවල් ශුද්ධ කර ගැනීම් සඳහා වියදම් කරන්න රුපියල් බිලියන 30 ක් පමණ දැන් භාණ්ඩාගාරයේ තිබෙනවා. තවත් බිලියන විස්සක් විතර වෙන තැන් වලින් ගන්න පුළුවන්.
මේ අනුව බිලියන පනහක් විතර ඊළඟ සති හතරේ වියදම් කරන්න හැකියාව තිබෙනවා.ඒනිසා රජයට අවශ්‍ය සියලුම මුදල් තියෙනවා.මුදල් නොගෙවා ඉන්න කිසිම කාරණයක් නැහැ.ඒක නිසා පීඩාවට පත් ජනතාවගේ ඇත්ත මුදල් අවශ්‍යතා සොයා ඒවාට ගෙවන්න.මූලික ගැටලුව එන්නේ 2026 සඳහායි.මොකද සියයට 13ක ප්‍රාථමික වියදම් සීමාවක් පනවා තිබෙනවා.අයි.එම්.එෆ් ගිවිසුම තියෙන්නේ ඒ සමගයි.තවත් රුපියල් බිලියන 300ක් හෝ 500ක් එන වසරේ වියදම් කරන්න හැකිනම් ඊට පාර්ලිමේන්තු අනුමැතිය ගැනීමේ කිසිම ගැටළුවක් නැහැ යනුවෙන් ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කවද්ද මේ ආණ්ඩුවේ මුදල් ඇමැති වුනේ ..?
වැඩ නැත... කයිය ඇත.
කට පියාගෙන පාඩුවේ ඉන්න.. මහදැනමුත්තා වගේ එනවා උපදෙස් දෙන්න.
කොහොමද දන්නේ නැහැ දැන ගත්තේ? දිව්‍යඣානේ පහළ වෙලා ඇති? දූෂිතම පවුල් පාලන ආණ්ඩුව කාලේ නම් මෙහෙම උනේ නැහැ.
මෙයා වඩාත් සුදුසු වන්නේ ආණ්ඩු පක්‍ෂයට. මක්නිසාද යත් අනුර කුමාර ප්‍රමුඛ වැඩ බැරි මාලිමා කයිවාරු නඩයට මොහු ද ගැලපෙන නිසා.
ඔබතුමා කියන කන් තමයි හිටියේ...
අන්න අන්න, බුද්ධිමත් දේශපාලන ඔලුවක්. මොන පක්ෂයේ වුණත් ගොන් ටෝක්ස් වලින් බැහැරවෙලා පක්ෂ, පාට නැතුව කතාකරනවා. පාර්ලිමේන්තුවට අවශ්‍ය මේ වගේ අය. ඒකට ඉන්නවා කඳ බඩ තියන හෝ නැති සෙට් එකක්. ඔවුන්ව දැක්කොත් බල්ලොත් බත් කන්නේ නෑ.
ජනාධිපති කියන එකම කියන්න තව කෙනෙකුත් හිටියාට කමක් නෑ.
මෙන්න මහ දැන මුත්තා... ඇත්තටම මහා බොරු කයිවාරු කාරයෙක්. ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශයේ මුදල් කලමනාකරනය ගැන දැනන් අය ඉඳිද්දි මෙයා නිකම් මහදැනමුත්තා වෙන්න හදනවා. අමුම අමු මොලේ උදුම්ම ගත්තු මනුස්සයෙක්... ලොක්කා වෙන්න පොර ටෝක් දෙනවා. කියන්න ලැජ්ජයි...
මහදැනමුත්තා වගේ වැඩ කරන්න එපා. ඔහෙලගේ කාලෙ කොහොමද? කොහේද ඕවා තිබුණේ.
මොහු රජයට එකතු කරගෙන මුදල් අමාත්‍යාංශයේ වගකීම් පැවරිය හැකි විශ්වාස කළ හැකි පුද්ගලයෙක්...
ජවිපෙ අම්බරුවන් සුපුරුදු පරිදි ගොම්පස් හෙළනවා. මේ හර්ෂ මන්ත්‍රීතුමා කියන්නේ ගිය අයවැයේ වියදම් නොවී ඉතිරි මුදල භාවිතා කරලා සහන දෙන්න පුළුවන් කියලා මගපෙන්වීමක්. අම්බරුවන්ට එක තේරෙන්නේ නැහැ නේ ඉතින් හිතන්නේ ආණ්ඩුවට බනිනවා කියලා... මෙතැන ගොම් පස් හෙලනවා. අනේ මෙහෙමත්...
වගකිව යුතු දැනුවත් පුද්ගලයකු හැටියට ඔහු කියන දේ බැහැර කරන්න හොද නැහැ. යම් අදහසක් ප්‍රකාශ වුණා නම් අපි සිහියට ගන්න ඕනෑ කියන්නේ කවුද එයා... කොයි පක්ෂයේද කියන එක නෙවෙයි... කියන දේ මොකක්ද කියන එකයි.