
(අංජුල මහික වීරරත්න)
ගංවතුරෙන් ආපදාවට පත් ජල පවිත්‍රාගාර වල දිය යට නඩත්තු කටයුතු සඳහා නාවික හමුදා කිමිදුම් සහය ලබා දී තිබේ.
ඒ අනුව ඌව පළාත් ජලසම්පාදන මණ්ඩලයට අයත් මහියංගනය ජල පවිත්‍රාගාරයේ සහ මධ්‍යම පළාත් ජල සම්පාදන මණ්ඩලයට අයත් පේරාදෙණිය ගැටඹේ ජල පවිත්‍රාගාරයේ අක්‍රීය වී ඇති ජල පොම්ප අළුත්වැඩියාව සහ නඩත්තු කටයුතු වෙනුවෙන් කිමිදුම් සහය ලබා දීම නාවික හමුදාව විසින් සිදු කෙරිණි.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව සිදු කෙරුණු මෙම කිමිදුම් සහය ලබා දීමේ මෙහෙයුම සඳහා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් දෙකක් සහභාගී වූහ.
අධික ජල ගැලීම් හමුවේ මහියංගනය ජල පවිත්‍රාගාරයේ දිය යට ජල පොම්ප ක්‍රියාකාරීත්වය අවහිර වන පරිදි තැම්පත්ව තිබූ රොන්මඩ ඇතුළු අවශේෂ ද්‍රව්‍ය මහත් පරිශ්‍රමයක් යොදා ඉවත් කර නැවත යථා තත්වයට පත් කිරීම ඊයේ (2) සිදු කෙරුණු අතර ගැටඹේ ජලපවිත්‍රාගාරයේ දිය යට නඩත්තු කටයුතු අද(3) සිදු කෙරෙමින් පවතින බව නාවික හමුදාව කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔබට ණයගැතියි විරුවනි...!