
(අංජුල මහික වීරරත්න)
පැලවත්තෙන් බලය ඉවත් කර නැවත පාර්ලිමේන්තුවට බලය පැවරීම සඳහා ජනාධිපතිවරයා වහා ක්‍රියා කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් අමතමින් අද(3) ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා පක්ෂ නායකයන් කැඳවා වහා එම තීරණය ගත යුතුව තිබෙන්නේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා කීය.
පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් වර්තමානයේ රාජ්‍ය බලය ක්‍රියාත්මක කරනු ලබන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ජනාධිපති සහ අගමැති කාර්යාල වල ආපදා මෙහෙයුම් මධ්‍යස්ථාන නැතැයි කී හිටපු ජනාධිපතිවරයා පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානය ප්‍රධාන ආපදා මෙහෙයුම් කාර්යාලය බවට පත් වී ඇතැයි ද කීය. රට මුහුණ දී සිටින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයින් සමඟ පැවැති මෙම සාකච්ඡාව කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම හරි....
බටලන්දට පවරා ගත්තේ මිනිස්සුන්ගේ ජීවිත ගැන තීරණය කරන එක. ඒක ගැන තවම කවුරුවත් හරියට කතා නෑ. රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් සවාරි ගහපු අයිතියට නම් ලඟදීම හම්බවෙයි.
තනි ධමනි බහිරවයා...
දැන් නම් මෙතුමාගේ මොළේට යන නහරත් අවහිර වෙලා වගේ. මෙයා ප්‍රවෘත්ති බලන්නෙ නැද්ද?
මොනවද මේ දොඩවන්නේ...?
තීරණවලට පයින් ගහපු කෙනෙක් මේ කතා කියන්නේ. මේ වගේ වයසක සීයා කට වහගෙන ඉන්නවා නම් හොදයි. අනිත් එක ධමනි 3ක් වැඩ නෑ කියලා අධිකරණය නොමග යැව්වාට දඩුවම් විදින්න බලාගෙන ඉන්න.
පිළිගන්න තිබ්බ වෙන කවුරු හරි කීවා නම්.. ගරු අධිකරණයෙන් රටේ ව්‍යවයස්ථාව උල්ලංඝනය කරා කියලා අච්චු කරපු එකෙන් නොවුණා නම්...
හත්වලාමයි, මුන්දෑ තාමත් ජීවතුන් අතරද? අපි උන්නේ ගං වතුරට මුන්දැගේ වැල් පාලමත් එක්කම ගහගෙන ගොහිං කියලා නොවැ.
දැන් මොලේත් විකාර වෙලා... තනි ධමනියෙන් දුවන හින්දා වෙන්න ඇති... කොහේවත් නැති විකාර කියවනවා.
අපි පොඩිකාලේ ඉදලා මේකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ඇමැති අගමැති ජනාධිපති වෙලා කොරගන්න බැරිව හොම්බ බිම ඇනිලා දැන් එනවා උපදෙස් දෙන්න. තොපි කරපුවා තමා මේ අපි පොලිත් එක්ක ගෙවන්නේ... දැන් වත් වෙන කෙනෙකුට දීලා පැත්තට වෙලා හිටියොත් හිරේ යද්දී හරි මිනිස්සු දුකක් වේවි...
මාරාන්තික ලෙඩ රෝග කන්දරාවක් තියෙන, ධමනි වැඩ කරන්නෙත් නෑ කියලානේ කිව්වේ...? විපක්ෂයේ දූෂිත දේශපාලුවන්ගේ ජඩ හැසිරීම ගැන අපි දැක්කා.. බලය නැතුව ඔහොම නම් ඔවුන්ට බලය දුන්නා නම් කොහොම ඉදීවිද?
අනුර දැනටමත් ඉන්නේ හරි පාරේ… රට ගොඩ ගත්තොත් මුන්ට ආයේ දේශපාලනය කිරීමට හිතන්න වත් බෑ. මුන්ට ඕනේ කොහොම හරි සියළුම අය කූඩාරම් වලට ගාල් කරලා නැවත චන්දයක් එනතුරු තියා ගන්න.
රට සෙල්ලමට අරන් රට කාපු හැතිකරයෙන් කෙනෙක්...
මේවගේ පැන පැන කාටත් ගරහන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. පළපුරුදු, මුහුකුරා ගිය ඕනෑම කෙනෙකුට ගැරැහීම ඔවුනගේ න්‍යායයි. කිසිම වෙනත් අදහසක් දරා ගැනීමට තරම් ඔවුන්ට පුළුල් මානසිකත්වයක් නැත. අමුතුම මාන්නයකින් පෙළෙන් , අසංවර සහ ගැටෙන්නටම මාන බලන මේ සුළුතරය කිසිදාක යහ මගට ගත නොහැක. ඔවුන්ගේ මොළයේ ලිම්බික් පද්ධතිය විනාශ වී හමාරයි...
තමුන්ටවත් හරියට වැඩක් කරගන්න බැරිව ජනතා මුදල් කාබාසිනියා කරමින් උපදේසකයෝ තිස් ගාණක් තියාගෙන හිටපු පින් ජනපතියා. 2048 රට ගොඩදාන්ඩ හිතාගෙන හිටියේ? තමුන්ගේ උපදෙස් වලින් නම් වැඩක්ම නැහැ.
රනිල් බලන්න උඩ තියෙන කමෙන්ට්ස්. ලැජ්ජාවක් තියෙනවා නම් කට වහගෙන ඉන්නකෝ වද නොදී.
කමෙන්ට්ස් බැලුවා නම් දැනට තියෙනවාලු කියන සතර අපායන්ට අමතරව ලංකාවේ එවුන්ටම තවත් අපායන් හතරක්ම හදන්නට සිදුවෙනවා.
දැන් පැලවත්තේ කබ්බෝ ගර්ජනා කරනවා ගත් බලය දෙන්නේ නැහැ කියලා, අපි කලින් කිව්වා වගේ මේ අය මැතිවරණ සිතියම අකුලා දමලා ඒකාධිපති ආණ්ඩුවක් කරා තමයි මේ යන්නේ...
ආණ්ඩුවේ ලොන්ඩරි ටික බරට වැඩ.
අධිකරණයත් නොමග යවපු කෙනෙකුට ජනතාව ගොනාට අන්දවන සුළු දෙයක්...
පැළවත්තේ නෙවෙයි, ඕක රත්වත්තේ තිබුණත් කමක් නෑ. වැඩේ කෙරෙනවා නම්...
පැළවත්තේ 159 දෙනාට බලය දුන්නේ රටේ ජනතාව... අනිත් අයව පාර්ලිමේන්තුවෙන් එළවා දැම්මත් රටේ ජනතාව බව මතක් කරගන්න.
මේ ෆොටෝ එකේ ඉන්න හොර තක්කඩි මිනීමරුවන්ගෙන් 80% පමණ නඩු තියෙනවා, නැත්නම් දැනටමත් ඇප පිට ඉන්නේ. රනිල් සීයාට නම් ජනවාරියේ නඩුවෙන් සුවිප් එක ඇදෙයිලු. දැනටමත් එංගලන්තයේ විශ්ව විද්‍යාලයෙන් කියලා තියෙනවා...
අනේ රට කාලා මහ බැංකුව කොල්ල කාලා දැන් විකාර කියවනවා. නුඹලා තමයි මැරෙන්න ඕන...
එහෙම කොහොමද රනිල්. මාලිමාවට තමයි අයිති...
රනිල්ට කියනවා උඩ තියෙන කොමන්ට්ස් බලන්නලු. ඒ කොමන්ට්ස් ඇවිල්ලා තියෙන්නෙත් පැලවත්තෙන් තමයි. පැලවත්තේ කුලියට ලියන බලකායෙන්. ඒ කෙසේ වෙතත් පාර්ලිමේන්තුවට තිබුණු මුදල් පාලන බලය තමුන්ගේ හිතවත් මුදලාලිලා කීප දෙනෙක්ට දීලා තියෙනවා. ඔවුන්ට අණ දෙන්නේ පැලවත්තෙන්. මේ තත්වය දරුණු ලෙස ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වගේම, විඝණන නීති උල්ලංඝනයක්. මේවාට කවදා හරි උසාවි, හිරේ ලගින්න වෙනවා.
"ඕවා දෙනු පරහට තමා සම්මතේ සිට" සිරිකොතේ ඉදලා ඔක්කෝම අවුරුදු විස්සක් විතර පාලනය කරලා, ප්රජාතන්ත්රවාදය යනු කුමක්ද යන්නවත් පක්ෂය තුළ අයට ඇසීමටවත් නොදුන්, අවසානයේ පක්ෂයත් විනාශ කරගෙන, ඇප නැතිවෙච්චි, රාජපක්ෂ සෙට් එකට පින්සිද්ද වෙන්න ජනාධිපතිකම හම්බ වෙච්චි පිනා චාන්ස් පොරක් කියන කතා තඹ සතේකට වත් ගණන් ගත යුතු නොවේ...
කරුණාකර මේ හාදයාගේ බෙහෙත් වේල වරද්දන්න එපා. පේනවනේ කෙළින පිස්සු...
අනේ මිස්ටර් කජු... කට වහගෙන ඉන්න. හතර පෝයට සිල් ගන්න.
නිමල් සිරිපාල එතැනත් නිදි...
පාස්කු ප්‍රහාරයට කළින් අනතුරු අගවෙලත් නවත්තගන්න බැරිවුණු කෙනා නේද මෙයා...?
ගෙදර නිකම්ම ඉන්න කම්මැලි හින්දා කාලය ගෙවාගන්න ඉදහිට මොනවා හරි මාතෘකාවක් ගැන රැස්වීමක් දේශනයක් තිබ්බට කමක්නැහැ. වෑල් 3ම බ්ලොක්වෙලා ඉන්න වෙලාවේ හිත සතුටින් තියාගන්න පමණක් එහෙම කරනවා මිසක් එතැනින් එහාට දගලන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
කරුනාකර රට කාපු කේස් එක පැත්තකට වෙලා හිටු. මේ මිනිස්සු දෙන සුපිරි ගේමට හරස් කපන්නේ නැතිව...
පැලවත්තේ අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ... ඒකවත් මතක නැද්ද?
ආපදාවෙන් ගේමක් ගහන්න ප්ලෑන් කරන ගමන් බව තේරෙනවා.