ඉඩමට පාරක් ගන්න රක්ෂිතයක් කපලා
පෞද්ගලික ඉඩමකට ගමන් කිරීම සඳහා මාර්ගයක් ඉදි කිරීමට, මිහින්තලේ වෙල්ලාරගම රක්ෂිතයේ ඇති ගස් කපා දමමින්, එම රක්ෂිතය විනාශ කර දමමින් සිටි පුද්ගලයන් දෙදෙනකු බැකෝ යන්ත්රයක් සමග අත්අඩංගුවට ගත් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අනුරාධපුර කාර්යාලය පවසයි.