
(ටී.කේ.ජී.කපිල)
රුපියල් හාර කෝටි විසි ලක්ෂයක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 35 ක් ඔරුගොඩවත්ත රේගු ආදායම් අධීක්ෂණ අංශයේ පරීක්ෂණ අංගනයේ දී අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .
මෙම මත්ද්‍රව්‍ය පාර්සල් 05 ක් ලෙස සකස් කර ඉතාලියේ සිට ගුවන් තැපැල් ඔස්සේ කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබුණි .
පසුව මෙම සැක කටයුතු පාර්සල් ඔරුගොඩවත්ත රේගු ආදායම් අධීක්ෂණ අංශයේ පරීක්ෂණ අංගනය වෙත රැගෙන ගොස් පරීක්ෂා කිරීම සිදු කර තිබේ .
මෙම පාර්සල් නිවෙස වෙතම ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කර දෙන ආයතනයක් වෙත ලැබී තිබූ ඒවා වේ .
මෙම පාර්සල් භාර දිය යුතු ලිපිනයන් නොමැති අතර ඒ සදහා ඇත්තේ එම පාර්සල් හිමිකරුවන්ගේ දුරකථන අංක පමණි .
මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගත් රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමර්ශන කටයුතු අවසන් නැතිනම්, එකම හෝඩුවාව දුරකථන අංක නම්, මේ වැටලීම ගැන ප්‍රසිද්ධ කරන එක වරදක් නේද?