(ඉන්දිකා රාමනායක)
පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට පොලිස්පති ධූරයේ තවදුරටත් කටයුතු කිරීම සදහා ලබා දී තිබු මාස 3ක සේවා දිගුව මෙම මස 09 දිනෙන් අවසන් වීමට නියමිත බව පොලිස් මුලස්ථානය පවසයි.
පොලිස්පතිවරයා වෙත මේ දක්වා සේවා දිගු දෙකක් ලබා දී තිබුණි.
ශ්‍රි ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් 2020 නොවැම්බර් මස පත් වු පොලිස්පති සී ඩී වික්‍රමරත්න මාර්තු මස 25 වැනි දින විශ්‍රාම යාමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ මහතා වෙත මුල්වරට මාස 3ක සේවා දිගුවක් ලබා දී තිබුණි.
පළමු සේවා දිගුව අවසන්වීමෙන් පසුව දෙවන සේවා දිගුව ඉකුත් ජුනි මස 09 දින සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයක් සදහා ලබා දී තිබුණි.
එම සේවා දිගුවද මෙම මස 09 දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.
පොලිස්පති ධුරය සදහා වෙනත් නිලධාරියකු පත්කරන්නේ ද, නැතහොත් සී.ඩී වික්‍රමරත්න මහතා වෙත නැවත වරක් සේවාදිගුවක් ලබා දෙන්නේ ද යන්න මෙතෙත් තීරණයක් ගෙන නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වැනි පොලිස්පතිවරයා වශයෙන් පත්කරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායන හා දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ සුදුසුකම් ලබා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණ හෝ දූෂණ චෝදනා නොමැති ද්‍රවිඩ හෝ මුස්‌ලිම් ජාතිකයකු පොලිස්පතිවරයා බවට පත්කර ගැනීමට සුදුසු වේ...
තටමලා... අර දේශබන්දු එළියට එයි...
පොලිස් කෝලම ඔන්න ආයිමත්
ඊළඟට එන්න ඉන්න අයට වඩා මෙතුමා හොඳයි