(අංජුල මහික වීරරත්න)

සිමාසහිත ටෙස්( පෞද්ගලික) සමාගම වෙත මත්ස්‍ය පිරිසැකසුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා ඔළුවිල් ධීවර වරායේ  පහසුකම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඔළුවිල් ධීවර වරාය පරිශ්‍රයේ ප්‍රයෝජනයට නොගෙන පවතින මත්ස්‍ය  පිරිසැකසුම් යන්ත්‍රාගාරය නැවත සක්‍රීය කරමින් මත්ස්‍ය  පිරිසැකසුම් කටයුතු පවත්වාගෙන යෑම සඳහා අදාල ආයතනය වෙත අවස්ථාව  ලබාදීමට මීට පෙර කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබිණි.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති අදාළ බදු කුලිය මාසිකව අය කිරීමට යටත්ව ඔලුවිල් වරාය සංකීර්ණයේ පිහිටි  පිරි සැකසුම් ඒකකය අදාල ආයතනය සඳහා වසර 10 ක කාලසීමාවකට බදු පදනම මත ලබා දීමට ධීවර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.