
(අංජුල මහික වීරරත්න)
පාස්කු ඉරිදා ප්‍රහාරය හෝ වෙනත් කිසිදු කරුණක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් නැතැයි ජර්මනියේ රූපවාහිනි නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතිකයින් දෙවැනි පන්තියේහි ලා සැලකීමේ බටහිර මාධ්‍ය ආකල්පය වෙනස් විය යුතු බව කී ජනාධිපතිවරයා එක්සත් රාජධානිය හෝ ජර්මනිය ගැන එවැනි ජාත්‍යන්තර පරීක්ෂණ කර තිබෙනවා දැයි ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව නොපිළිගන්නා බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ජර්මන් මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පැවසූයේ තමා රට බාර ගත්තේ රටේ සාගින්දර නැති කිරීමට බවත් ආර්ථිකය ක්‍රියාත්මක වීම ඇරඹුනේ මේ වසරේදී වන අතර තවමත් ඒ සඳහා වසරක්වත් ගත වී නැති බවයි.
චැනල් ෆෝ වීඩියෝව සම්බන්ධයෙන් මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,චැනල් ෆෝ වීඩියෝව එතරම් පාරිශුද්ධ ලෙස සලකන්නේ ඇයි දැයි විමසීය.බ්‍රිතාන්‍යයේ බහුතරයක් එසේ හිතන්නේ නැතැයි ද ජනාධිපතිවරයා කීය.
තමා කතෝලික රදගුරු සම්මෙිලනය සමග කටයුතු කරන බව කී ජනාධිපතිවරයා පාස්කු කමිටු වාර්තාවේ සම්පූර්ණ විස්තරය රදගුරු සම්මේලනයට ලබාදී තිබෙන බවද කීය.
තමා ටෙලිවිෂන් සහ මාධ්‍ය සමඟ කටයුතු කර තිබෙන අතර"මම එම ගේම් එකේ ඉන්නේ ඔබට වඩා බොහෝ කලකට පෙර සිට යැයි" මාධ්‍යවේදියා අමතමි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවටද ජැටි යන්තරේ? නුඹලා ඔක්කොම අහුවෙලා ඉවරයි...!
පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූයේ ශ්‍රී ලංකාව තුළයි. පරීක්ෂණ කළයුතු වන්නේ ශ්‍රී ලංකාවේ පොලිසිය මගිනි. පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකාවේ නොමැති තාක්ෂණික දැනුම අවශ්‍ය නම් විදෙස් රටකින් ලබාගැනීමට හැකියාව පවතියි...
ත්‍රස්තවාදීන් සමග එකට එකතුවෙලා අහිංසක ජනතාව මරලා බලය ලබාගත්තු එක ගැන ඇහුවාම, කුලප්පු වෙලා වැඩක් නැහැ. ලෝකයම දන්නවා සිදු වුනේ මොකක්ද කියලා.. ඉන්දියන් රහස් ඔත්තු සේවා ලබා දුන්නු බෝම්බ ප්‍රහාරය ගැන ශ්‍රී ලංකා රජය පියවරක් නොගත්තේ ඇයි? රාජකාරිය පැහැර හැරපු නිලධාරීන්ට උසස්වීම් ලබා දුන්නේ ඇයි? හරීන් ප්‍රනාන්දු මහතා හෙලිකළ "සොනික් සොනික්" නමැති බුද්ධි අංශ නිලධාරියාගේ නම හෙලිවූවත් ඔහු ගැන විමර්ශනය නොකරන්නේ ඇයි? බුද්ධි අංශයේ සහයෝගය ඇතිව ත්‍රස්තවාදීන් සිදුකළ ප්‍රහාරය නම් නියමයි!!
ස්කොට්ලන්ත යාඩ් ගෙනැල්ලා පරීක්ෂණ පවත්වනවා කියපු කෙනා මේ..!
මම ඔහු කෙරෙහි තිබූ පැහැදීම මෙම මාධ්‍ය සාක්ච්ඡාව සමග දියවී ගිය බව සඳහන් කරනු කැමත්තෙමි. ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පිළිබඳව ඔහුගේ කැමත්ත හො අකැමැත්‍ත ජනතාවට වැදගත් නොවන අතර මෙම පුද්ගලයා රාජපක්‍ෂලාගේ රූකඩයක් බවට පත්වීම කණගාටුවට කරුණකි. ඔහු රාජපක්ෂ මාෆියාවේ උවමනාව පරිදිම සියතින් තම ගෙල සිඳ ගනිමින් සිටියි.
ජාත්‍යන්තර පරීක්ෂණයකට සූදානම් නැත්තේ ඇත්ත හෙලිවෙන්වට බියේද ?මේ සාකච්චාවේදී පිනාධිපති හොඳට නා ගත්තා.දෙතොල නොකී දේ මුහුණේ ලියවුනා
ඔහු ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ තම උද්ධච්චකම පෙන්වීමට උත්සාහ කරන්නේ තමන් වීරයෙකු ලෙස පෙන්වීමටයි. ලැජ්ජා නැතුව මිනිස්සු 269 කගේ ජීවිතත් එක්ක ගේම් ගහනවා .අපි ඔයාගේ ගේම් එකේ ඉන්නේ මීටත් වඩා බොහෝ කලකට පෙර සිට.
හපුයියා ඒ සම්මුක සාකච්චාවට මුහුණ දුන්න ආකාරයත්, කතාකරපු අශිලාචාර විදිහත් ලෝකයාටම පෙන්වා දුන්නා " ශ්‍රී ලංකාවේ ජනාධිපතිගේ " කෙරුවාව.ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මම අවංකවම ලජ්ජාවෙනවා මේ පිස්සා එතැනදී කරපු කියපු මනස්ගාත ගැන.
ඉතාම මෝඩ ,අඳබාල , අශෝබන, උද්දච්ච ආකාරයට කතාකල හපුයියා ලංකාවට විශාල කළු පැල්ලමක් එකතුකලා. " ජාත්‍යන්තර පරීක්ෂණයකට ලංකාව සුදානම් නැහැ " කියලා මේ හාදයා කියන්නේ ..ගමේ චන්ඩියා රා බෝතල් දෙක තුනක් බිලා..සරමත් උස්සගෙන කෑගහනවා වගේ. මෙයා අකමැති හේතුව , රාජපක්ෂලා අහුවෙන නිසා. හැබැයි ..මේ හාදයා කැමතිවුනත්, නැතත් ජාත්‍යන්තර ප්‍රජාව තීරණය කලොත් අනිවාර්යයෙන්ම අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වාවි.වැරදි කාරයින්ට දඬුවම් කරන්න කියලා අපේ රටෙන් ඉල්ලාවි.දඬුවම් නොකලොත් අපේ රටට එරෙහිව නොයෙකුත් සම්බාධක පනවාවී.රටේ ජනතාව කබලෙන් ලිපටම වැටේවිද ?මම හිතන්නේ එහෙම අවස්තාවක් උදාවුනොත් මේ රටේ ජනතාව පාස්කු ප්‍රහාරය පිටුපස සිටින මිනීමරුවන්ට මහපාරේදීම දඬුවම් කරන යුගයක් උදාවේවි. හපුයියාටත් මහපාරේදීම අවීචි මහා නරකාදියට යන්න නොමිලේම ටිකට් එකක් ලැබේවි අනිවාර්යයෙන්ම.
එක්සත් රාජධානියේ හරි එංගලන්තෙ හරි බෝම්බ ගැස්සුවෙ නෑනේ. එහෙ ජනාධිපති චන්දෙන් පත් උන එකෙක්නෙ.
මම ඉස්සරහ පුටුවෙ වාඩිවී හිටියානම් ; නො සර්! අපේ රටවල් වල තියෙන්නෙ කාටත් එක නීතියයි. කවුරැත් නීතියට හිස නවනවා, කාටවත් නීතිය නවන්න බැහැ. අදිකරනය ස්වාධීනයි. ඒ නිසා අපේ රටවල් වලට ජාත්‍යන්තර පරීක්ෂණ උවමනා නැහැ. ඒත් ඔබේ රට......
සුපර්
මට ජාත්‍යන්තරය හොද හිගා කන්නයි ණය ගන්නයි විතරයි. අනිත් එක ජාත්‍යන්තරේට පාස්කු කේස් එක හරියටම මාට්ටු උනොත් මමත් ගල් පල්ලි යනවා
ජාත්‍යන්තර පරික්ෂණයක් පැවතුවොහොත් මමද චුදිතයෙක් කියලා ඔප්පු වෙනවා ඒවා කොහෙද මාත් එක්ක.
රාජපක්ෂලාට කෙළවනවා කියලා දන්න හින්දා පින් ජනාධිපති එව්වාට විරුද්ධයි...
ඔබේ කතාව ගැන බොහෝම ස්තුතියි. ඒ කතාව වගේ වැඩත් තිබෙනවා නම් හොඳයි. ඒ කතාව අරගලකාරයින්ට කනේ පහරක්. 1989 කාලේ හිටපු ත්‍රස්තයින්ට පයින් පාරක්. අනුර ඔය කතාව කරන්න ගියා නම් අතින් පයින් ඇඟිලිවලින් තමයි කථා කරන්න වෙන්නේ... නැතිනම් රිපෝටර්ට සිංහල ඉගෙන ගන්න වෙනවා. මම රනිල් ෆෑන් කෙනෙක් නොවෙයි, ඒත් හරිදේ කළාම ඉහළින්ම අනුමත කරනවා...!
ඔහු එවකට රටේ අගමැති විය. ඔහු සාපරාධී නොසැලකිලිමත් සහ වගකිව යුතු ද විය.