
(ඉන්දිකා රාමනායක)
රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිළි විමර්ශන ඒකකයේ ස්ථාවර දුරකතනවලින් මෙන්ම ඇතැම් උසස් නිලධාරීන්ගේ ජංගම දුරකතනවලින් ද පිටස්තර පුද්ගලයන් හා ඥාති හිතවතුන්ට දුරකතන ඇමැතුම් ලබා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පසුගියදා ත්‍රස්තවාදී විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනයට අමතරව මෙම ඇමැතුම් ලබාගෙන ඇති බවද ආරංචි මාර්ග පවසයි.
විමර්ශන සිදුකරන ඇතැම් උසස් නිලධාරීන්ගේ පුද්ගලික දුරකතන වලින් හරක් කටා වීඩියෝ ඇමැතුම් පවා ලබාගෙන ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනීම සදහා දුරකතන විශ්ලේෂණ සිදු වන බවද එම ආරංචි මාර්ග පවසයි.
මේ වෙනුවෙන් හරක් කටා ඉහත නිලධාරීන්ට විශාල වශයෙන් මුදල් ලබා දී ඇති බවත්, ඇතැම් නිලධාරීන්ට නිවාස ඉදිකිරීමට, නිවාස මිළදී ගැනීමට, ඉඩකඩම් මිළදී ගැනීමට, ඇතුලු මෙකී නොකී කටයුතු වෙනුවෙන් විශාල මුදලක් ලබා දී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන ද ආරම්භ කර ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාමට උත්සහ කිරීම සහය දැක් වු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු ඉදිරියේ අත්අඩංගුවට ගැනීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ ආකාරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින කුඩු සළිදු නැමැත්තාගෙන් ද කොස්තාපල්වරයකු මීට පෙර රුපියල් කෝටි 13 ක මුදලක් ඉල්ලීම සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මක කර ඇත.
කුඩු සළිදු මේ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත කළ පැමිණිල්ලක් අනුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් මෙම විමර්ශනය සිදුකරන බවද එම ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසක් යනකොට සාමාන්‍ය මිනිහෙකුට කන්න බොන්නවත් සල්ලි නැති වෙනවා. බඩුවලට තියෙන ඉල්ලුම හොඳටම අඩුවෙලා, උද්ධමනය බිංදුවට බහිනවා, මහා බැංකුව තව කයිවාරු ගහනවා. ඉලක්කම් පෙන්නලා. හිස් ඉලක්කම් ඇතුලේ, මිනිස්සු ආර්ථික පිස්සෝ වෙනවා. රටේ සියලු වටිනා ගුණාංග මියයනවා. මිනිස්සු සීමාවක් නැතිව සට කපටි වෙනවා. පවුල් ඇතුලේම කා කොටා ගන්නවා. අපිට නොදනී, රටම නාය යනවා. අපි ඉන්නේ මහා ව්‍යසනයක් අබියස. මම කලක් නයිජීරියා වල හිටියා ලෝක බැංකු ව්‍යාපෘතියක CFO හැටියට. එහෙ හොරකම් නොකරන මිනිහෙක් නෑ. සිග්නල් ලයිට් පැන්නොත් පොලිස් කාරයා නවත්තනවා. මිනිස්සු කාර් එකෙන් බහින්නෙම නැතුව, නයිරා මිටියක් පොලිස් කාරයගේ අතේ තියනවා. කිසිම හැන්ගිල්ලක් නෑ. සියලුදේ මිනිස්සුන්ට පේනවා. හොරකම් නොකරන මිනිහෙක් නෑ. ඒවා කිසිකෙනෙක් හැංගිලා කරන්නෙත් නෑ. අවසානේ මුළු රටේම මූල්‍ය විනයම නැතිවෙලා රටම කඩා වැටුනා හැම පැත්තෙන්ම. අන්තිමේ රටේ මිලිටරි පාලනයක් ආවා. මහා බැංකු අධිපතිට දුන්නේ පැය 48 රටේ සල්ලි වලට මොකද උනේ කියන්න. කරකියා ගණන් දෙයක් නැතිව, මිනිහ මාධ්‍ය ඉස්සරහ හඬා වැටුනා
මේක හොඳ අවස්ථාවක් සියලු දූෂිත නිලධාරීන් පලවා හරින්න. ප්‍රශ්නය කියන්නේ ඒක නොවන එකයි. ඉතින් කුඩු හෝ පාතාලය නැති කරන්න පුලුවන් ද ?