(අංජුල මහික වීරරත්න)

1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සාමාජිකයන් පත් පත් කිරීම ,සමථ මණ්ඩල බල ප්‍රදේශ සම්බන්ධයෙන් වන විධි විධාන සංශෝධනය කිරීම හා තවත් සංශෝධන කිහිපයක් හඳුන්වා දෙමින් 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම පිණිස 2023-2-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපති අවසරය ලැබී තිබේ.